රාජ්‍ය සේවා කොමිෂන් සභාව - මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නීති නිලධාරි (විධායක නිලධර ගණයේ III ශ්‍රේණියේ) තනතුර සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම


මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නීති නිලධාරි තනතුර සඳහා පහත සඳහන් සුදුසුකම් ඇති ශ‍්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.


  • බඳවා ගැනීමේ ක‍්‍රමය.- 
  1. නිවේදනයේ දක්වා ඇති සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන් අතුරින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප‍්‍රතිඵල මත ඉහළම ලකුණු ලබා ගන්නා අපේක්ෂකයින් පුරප්පාඩු සංඛ්‍යාව අනුව බඳවා ගනු ලැබේ. එහි දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද (අංක 06 යටතේ සඳහන්* ලකුණු දීමේ පටිපාටියට අනුකූලව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලැබේ. පත්වීම ක‍්‍රියාත්මක වන දිනය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝග අනුව තීරණය කරනු ලැබේ.


  • අවශ්‍ය සුදුසුකම් :


  1. අධ්‍යාපන/වෘත්තීය සුදුසුකම් :


  • විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් නීතිය පිළිබඳ උපාධියක්ලබා තිබීම හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු වශයෙන් දිවුරුම් දී තිබීම.


  1. පළපුරුද්ද :


  • ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු වශයෙන් දිවුරුම් දීමෙන් පසුව වසර 03කට නොඅඩු සක‍්‍රීය වෘත්තීය පළපුරුද්දක් ලබා තිබීම. (සක‍්‍රීය වෘත්තීය පළපුරුද්ද සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන ලේඛනවල පළපුරුද්ද ලබා ගත් කාලය, දිනය හා නිලමුද්‍රාව පැහැදිළිව සඳහන් කර සම්මුඛ පරීක්‍ෂණයේදී ඉදිරිපත් කල යුතුය.)



  1. කායික සුදුසුකම් :


  • සෑම අපේක්ෂකයෙකුම ශ‍්‍රී ලංකාවේ  ඕනෑම ප‍්‍රදේශයක සේවය කිරීමටත්, තනතුරේ රාජකාරී ඉටුකිරීමටප‍්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.


  1. වෙනත් සුදුසුකම් :


  • ශ‍්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
  • අයදුම්කරුවන් විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය.
  • යම් ආගමික නිකායක පැවිදිවරයක් දරන කිසිදු තැනැත්තෙකු මේ සඳහා අයදුම් කිරීමටසුදුසුකම් නොලබයි.
  • අයදුම්පත් කැඳවන අවසන් දිනට තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය. (සුදුසුකම් සනාථ කිරීම සඳහා සහතිකවල පිටපත් අයදුම්පත‍්‍රය සමග ඉදිරිපත් කල යුතුය.)

  • සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි හා සේවා කොන්දේසි :-


  1. මෙම තනතුර ස්ථිරය. ඔබට හිමි විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප‍්‍රතිපත්තිමය තීරණවලට ඔබ යටත් විය යුතුවේ. තව ද, ඔබ වැන්දඹු හා අනත්දරු විශ‍්‍රාම වැටුප්ක‍්‍ රමයට/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට දායක විය යුතුය. රජය මගින් විටින්වි ට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් එ් සඳහා දායක මුදල් ගෙවිය යුතුය.
  2. මෙම පත්වීම අවුරුදු 03ක පරිවාස කාලයකට යටත්ය. තනතුරට පත්වී වසර 03ක් ඇතුළත බඳවා ගැනීමේ පටිපාටියේ සඳහන් ආකාරයට 1 වන කාර්යක්‍ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් විය යුතුය.
  3. 2014.01.21 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ අංක 01/2014 ට අනුව තනතුරට බැඳී වසර 05ක්ඇ තුළත සේවාවට බැඳුනු භාෂාවට අතිරේකව අනෙක් රාජ්‍ය භාෂාව පිළිබඳ ප‍්‍රවීණතාවය ලබා ගත යුතු අතර, රාජ්‍ය භාෂාවක් නොවන මාධ්‍යයකින් සේවයට බැඳුනු නිලධාරීන් පරිවාස කාලය තුළ නියමිත රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය ලබාගත යුතුය.
  4. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති වලට ද, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග‍්‍රහයට ද, රජයේ මුදල් රෙගුලාසිවලටද, දෙපාර්තමේන්තුගත අනෙකුත්නි යෝගවලට ද මෙම පත්වීම යටත් වේ.


  • වයස් සීමාව :


  1. ඉල්ලූම්පත් භාර ගැනීමේ අවසාන දිනට වයස අවුරුදු 21 ට නොඅඩු විය යුතු අතර, අවුරුදු 45ට නොවැඩි විය යුතුය.


  • වැටුප් පරිමාණය :


  1. මෙම තනතුරට රු. 47,615 - 10 ං 1,335 - 8 ං 1,630 - 17 ං 2,170 - 110,895 (ීඛ-1-2016)/- මාසික වැටුප්ප රිමාණයක් හිමිය. (2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ අංක 03/2016 හි විධිවිධානවලට අනුකූලව එහි උපලේඛන ෂෂ හි සඳහන් පරිදි වැටුප් හිමි වේ.*


  • ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා පහත සඳහන් ලකුණු පටිපාටිය පදනම් කරගනු ලැබේ.


  • අපේක්ෂකයින්ගේ අනන්‍යතාවය :
  1. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන්නේ සෑම ආකාරයකින්ම සම්පූර්ණ අයදුම්පත්ඉ දිරිපත් කර ඇති අපේක්ෂකයින් පමණි.
  2. සම්මුඛ පරීක්ෂණයේ දී සියළුම සහතික වල මුල් පිටපත් හා නිසි පරිදි සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කල යුතුය.
  3. සම්මුඛ පරික්ෂණයේ දී තමන්ගේ අනන්‍යතාවය සහතික කිරීම සඳහා පහත සඳහන් අනන්‍යතා පත‍්‍ර පිළිගනු ලැබේ.
  • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත‍්‍රය
  • වලංගු විදේශ ගමන් බලපත‍්‍රය

  •  අයදුම්පත් ඉදිරිපත් කිරීම :
  1. අයදුම්පත් 2019.02.11 දිනට හෝ එදිනට ප‍්‍රථම ලේකම්, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ‘‘මගනැඟුම මහමැදුර’’, අංක 216, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු වේ. එදිනට පසුව ලැබෙන අයදුම්පත් ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.
  2. ඉදිරිපත් කළ යුතු අයදුම්පත‍්‍රයේ ආදර්ශ ආකෘතියක් මෙම නිවේදනය අවසානයේ දැක්වේ. අයදුම්කරුවන් ඔවුන්ගේ අයදුම්පත් ්4 ප‍්‍රමාණයේ කඩදාසියක සකස් කර මුල් පිටුව අංක 01 සිට 08 දක්වාත් 02 වන පිටුව අංක 09 සිට 12 දක්වාත් ඉතිරිය 03 වන පිටුවටත් වන ආකාරයෙන්පි ළියෙළ කර තමාගේ අත් අකුරින් සම්පූර්ණ කළ යුතුය.
  3. අයදුම්පත බහාලන කවරයේ ඉහළ වම් කෙළවරේ ”නීති නිලධාරි තනතුර සඳහා අයදුම් කිරීම” යනුවෙන් සඳහන් කළ යුතුය.
  4. අයදුම්පත‍්‍රයේ අපේක්ෂකයාගේ අත්සන රජයේ විදුහලක විදුහල්පතිවරයකු/සමාදානවිනිශ්චයකාරවරයකු/ දිවුරුම් කොමසාරිස්වරයකු/නීතිඥවරයකු/ප‍්‍රසිද්ධ නොතාරිස්වරයකු/ත‍්‍රිවිධහමුදාවේ අධිකාරිලත් නිලධාරියකු හෝ රු. 47,615/- ක මාසික එ්කාබද්ධ වැටුපක් ලබන රජයේස්ථිර තනතුරක් දරන නිලධාරියකු විසින් සහතික කළ යුතුය.
  5. දැනට රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත නිලධාරීන් තම අයදුම්පත් තමන්සේවය කරන දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප‍්‍රධානියා මගින් ඉදිරිපත් කළ යුතුය.
  6.  මේ සමග ඇති ආදර්ශ අයදුම් පත‍්‍රයේ ආකෘතියට අනුකූල නොවන අයදුම්පත් ප‍්‍රතික්ෂේප කරනුලැබේ. අයදුම්පත් නැතිවීම හෝ ප‍්‍රමාද වීම ගැන කිසිදු පැමිණිල්ලක් භාර ගනු නොලැබේ.
  •  සාවද්‍ය තොරතුරු සැපයීම :
  1. ඔබ විසින් එවන ලද අයදුම්පත‍්‍රයේ සඳහන් කර ඇත්තා වූ යම් තොරතුරක් අසත්‍ය හෝ වැරදි බව බඳවා ගැනීමට පෙර අනාවරණය වුවහොත් ඔබගේ අපේක්ෂකත්වය අවලංගු කරනු ලැබේ. එබඳු අසත්‍ය හෝ වැරදි තොරතුරක් බඳවා ගැනීමෙන් පසුව අනාවරණය වුවහොත් ඊට අදාළ ක‍්‍රියා මාර්ගයන්ට යටත්ව සේවයෙන් පහ කිරීමට කටයුතු කරනු ලැබේ.
  • පුරප්පාඩු පිරවීම හෝ නොපිරවීමේ අයිතිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතුවේ.
  • මීට පෙර 2018.08.27 දින දිනමිණ, ඬේලි නිව්ස් හා තිනකරන් යන පුවත්පත්වල පලකල නීති නිලධාරි තනතුරට අයදුම්පත් කැඳවීමේ නිවේදනය මෙයින් අවලංගු කරනු ලැබේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි.
ලේකම්.
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ
තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය.

No comments