ගොඩනැගිලි දෙපාර්තමේන්තුව-ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) III ශ්‍රේණිය/සිවිල්-පුහුණු කිරීමේ ශ්‍රේණිය /ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (යාන්ත්‍රික) III
- ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ඉහත සඳහන් තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා මෙම නිවේදනයේ දක්වා ඇති සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ගොඩනැගිලි අධ්යක්ෂ ජනරාල් විසින් අයදුම්පත් කැඳවනු ලැබේ. ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් රාජකාරි කටයුතු සිදුකරන වැඩබිම් දිවයින පුරා විසිරී ඇති අතර, ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) III ශ්‍රේණියේ/සිවිල්-පුහුණු කිරීමේ ශ්‍රේණියේ පුරප්පාඩු 13 සඳහාත්, ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (යාන්ත්‍රික) III ශ්‍රේණියේ පුරප්පාඩු 02 සඳහාත් සුදුසුකම් ලත් අයදුම්කරුවන් බඳවා ගැනීමට කටයුතු කරනු ලැබේ.
සටහන
III ශ්‍රේණියට සුදුසුකම් ලබන අයදුම්කරුවන් සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාවට ප්‍රමාණවත් නොවන විට, ඉතිරි පුරප්පාඩු සඳහා පුහුණු ශ්‍රේණියට අදාළ සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන් පුහුණු කිරීමේ ශ්‍රේණියට ඇතුළත් කරනු ලැබේ. 2.0 මෙම නිවේදනය අවසානයේ දක්වා ඇති ආදර්ශ ආකෘතියට අනුව එ්4 කඩදාසියේ දෙපැත්ත භාවිතා කරමින් පිළියෙල කරන ලද අයදුම් පත්‍රයක් 2019.02.04 වැනි දිනට හෝ එදිනට ප්‍රථම ”ගොඩනැගිලි අධ්යක්ෂ ජනරාල්, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, 2 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය.
අයදුම්පත් බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි ”ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ (සිවිල් රැුසිවිල්-පුහුණු/යාන්ත්‍රික) තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගය” යනුවෙන් අයදුම් කරන තනතුර පැහැදිලිව
සටහන් කළ යුතුය. ප්‍රමාද වී ලැබෙන, අපැහැදිලි හා අසම්පූර්ණ අයදුම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. සුදුසුකම් සනාථ කිරීම සඳහා සහතිකවල පිටපත් අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.
- සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි
- මෙම තනතුර ස්ථිර ය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබ`ද රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ.
- රාජ්‍ය සේවයේ පත්වීම් සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේ ෂෂ පරිච්ෙඡ්දයේ 10-12 දක්වා වගන්ති ද කාර්ය පටිපාටික රීති ද අදාළ වේ.
- තො ්රා ගන ු ලබන අයදුම්කරුවන ් ආයතන සංග ්රහයෙ ් විධිවිධානවලට ද, ම ුදල ් රෙග ුලාස ිවලට ද,දෙපාර්තමේන්තු නියෝගවලට ද, කලින් කල රජය විසින් නිකුත් කරනු ලබන වෙනත් රෙගුලාසි හානියෝගවලට ද යටත් විය යුතුය.
- සාමාන්‍ය සුදුසුකම්
- ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය;
- විශිෂ්ඨ චරිතයකින් හා මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත විය යුතුය;
- බඳවා ගන්නා නිලධාරීන් දිවයිනේ කවර ප්‍රදේශයක වුවද සේවය කිරීමට එකඟ විය යුතුය;
- ඉල්ලූම්පත් භාර ගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 30ට නොවැඩි විය යුතුය. දැනටමත්ර ජයේ සේවයේ සිටින අයදුම්කරුවන් සඳහා වයස් සීමාව අදාළ නොවේ.
- අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්
- සිංහලරැුදෙමළ/ඉංග්‍රීසි භාෂාව, විද්‍යාව, ගණිතය සහ තවත් එක් විෂයයකට සම්මාන සාමාර්ථයන් සහිතව එකවර විෂයන් හයකින් (06) අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සමත් වී තිබීම.සහ
- සංයුක්ත ගණිතය හා භෞතික විද්‍යාව යන විෂයයන් දෙකද ඇතුළත් වන පරිදි විද්‍යා/ගණිත/තාක්ෂණවේදය විෂය ධාරාවට අයත් විෂයයන් තුනකින් අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය එකවර සමත්වී ම.
- වෘත්තීය සුදුසුකම්
- ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්රැුයාන්ත්රික), III ශ්‍රේණිය ඉහත 5.0 හි අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව ක්ෂේත්රයට අදාළ පහත සඳහන් වෘත්තීය සුදුසුකම් වලින් එකක් සම්පූර්ණ කර ඉල්ලූම් පත්‍ර භාරගන්නා අවසන් දිනය වන විට අදාළ සහතිකය ලබා තිබීම.
- මොරටුව විශ්ව විද්‍යාලයේ හෝ අම්පාරේ හාඩි ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව,හෝ
- ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් පිරිනමනු ලබන ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව, හෝ
- අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිරිනමනු ලබන ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමාව,හෝ
- ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන තාක්ෂණික ඩිප්ලෝමාව, හො
- ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පවත්වනු ලබන ඉංජිනේරු විභාගයේ 1 වන කොටස සාර්ථකව සම්පූර්ණ කිරීම, හෝ
- රැුකියා ක්ෂේත්රයට අදාලව ජාතික වෘත්තීය කුසලතා (භඪූ* 6 මට්ටමේ සුදුසුකම් සම්පූර්ණ කර තිබීම, හෝ
- උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ ඉහත සඳහන් තාක්ෂණ සහතික නිකුත් කරන ලද ආයතනවලින් විමසා අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඉහත සඳහන් තාක්ෂණ සුදුසුකම්වලට සියළු අතින් සමාන යැයි තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් විසින් පිළිගනු ලබන වෙනත් තාක්ෂණික සුදුසුකම් ලබා තිබීම.
- ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරි (සිවිල්-පුහුණු කිරීමේ ශ්‍රේණිය)
ඉහත අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව ක්ෂේත්රයට අදාල පහත සඳහන් වෘත්තීය සුදුසුකම් වලින් එකක්ස ම්පූර්ණ කර ඉල්ලූම් පත්‍ර භාරගන්නා අවසන් දිනය වන විට අදාල සහතිකය ලබා තිබීම.
- තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිලිගත් කාර්මික විද්‍යාලයක තනතුරට අදාලක්ෂේත්රයක පාඨමාලාවක් සාර්ථකව හදාරා ජාතික තාක්ෂණ සහතිකය ලබා තිබීම;හෝ
- තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිලිගත් තනතුරට කාර්මික විද්‍යාලයක තනතුරට අදාල ක්ෂේත්රයක කර්මාන්ත තාක්ෂණිකයින් සඳහා වූ ජාතික සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර අදාළ සහතිකය ලබා තිබීම; හෝ
- උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ ඉහත සඳහන් තාක්ෂණ සහතික නිකුත් කරන ලද ආයතනවලින් විමසා
අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඉහත සඳහන් තාක්ෂණ සුදුසුකම්වලට සියලූ අතින්සමාන යැයි තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිලිගනු ලබන වෙනත් තාක්ෂණික සුදුසුකම් ලබා තිබීම. සටහන ථ ඉහත සඳහන් අධ්‍යාපන සුදුසුකම් හා සඳහන් කාර්මික නිලධාරි (සිවිල්) පුහුණු කිරීමේ ශ්‍රේණිය
සඳහා (එක් වසරක පුහුණුවක්) නියමිත වෘත්තීය සුදුසුකම් සහිත අයදුම්කරුවන්, සේවයට අදාළ විෂය නිර්දේශය අනුව ලබා ගන්නා එක් වසරක න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව සාර්ථකව නිම කොට අදාළ විභාගය සමත් වීමෙන් පසු ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ ෂෂෂ ශ්‍රේණියේ වැටුප් පරිමාණයේ ආරම්භක පියවරේ තබනු ඇත.
- තෝරා ගැනීමේ පදනම
- ලිඛිත තරඟ විභාගයේ කොන්දේසි මේ සඳහා වන ලිඛිත විභාගය ගොඩනැගිලි දෙපාර්තමේන්තුව වෙනුවෙන් ගොඩනැගිලි අධ්යක්ෂ ජනරාල් විසින්බ ලය පවරනු ලබන ආයතනයක් මඟින් කොළඹදී පවත්වනු ලබනු අතර, එ් අනුව අදාල ආයතනය දැනුම් දෙනුලබන දිනක දී විභාගය පැවැත්වෙනු ඇත. එ් අනුව පනවනු ලබන නීති රීති වලට විභාග අපේක්ෂකයින් යටත්වි ය යුතු වේ.
- සුදුසුකම් සහිත අයදුම්කරුවන් ලිඛිත තරඟ විභාගයකට යොමුකරන අතර, සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීම සඳහා එක් එක් ප්‍රශ්න පත්‍රයට අවම වශයෙන් 40%ක ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතුය. එම විභාගයේ ලකුණු ලබාගත් අනු පිළිවෙල අනුව සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර සුදුස්සන් එම ලකුණු අනු පිළිවෙල අනුව තෝරා ගනු ලැබේ. සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු ලබා දෙනු නොලබන අතර සුදුසුකම් පමණක්ප රීක්ෂා කරනු ලැබේ.
- ලිඛිත තරඟ විභාගයට අදාල විස්තර පහත පරිදි වේ.
- ලිඛිත තරඟ විභාග සිංහල/දෙමළ භාෂාවෙන් පමණක් පවත්වනු ලැබේ.
බඳවා ගැනීම :
ඉහත 5.0 සහ 6.0 යටතේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් ලබා ඇති ලිඛිත විභාගය සමත් ඉහත 7.0 අනුව පුරප්පාඩු ප්‍රමාණය මත ඉහලම ලකුණු ලබා ගන්නා සුදුසුකම් ලත් අයදුම්කරුවන් අතරින් ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරි (සිවිල්)
III ශ්‍රේණිය/(සිවිල්) - පුහුණු කිරීමේ ශ්‍රේණියට හා කාර්මික නිලධාරි (යාන්ත්‍රික) III ශ්‍රේණියට බඳවා ගනු ලැබේ.
වැටුප් පරිමාණය :
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි ඵභ-3-2016 යටතේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ (සිවිල්/යාන්ත්‍රික), III ශ්‍රේණිය
රු. 31,040-10ං445-11ං660-10ං730-10ං750-57,550/-
(වැටුප් ගෙවනු ලබන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි උපලේඛන II අනුවය)
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරි (සිවිල්) - පුහුණු කිරීමේ ශ්‍රේණිය
මාසික දීමනාව රු.21,532, ගැලපුම් දීමනාව රු. 4,306
(වැටුප් ගෙවනු ලබන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි උපලේඛන ඪ අනුවය)
10.0 විභාග ගාස්තු :
විභාග ගාස්තුව රු. 1,000 කි. අයදුම්කරුවන් විසින් ආපසු නොගෙවනු ලබන රු. 1,000 ක විභාග ගාස්තුවක් දිවයිනේ
පිහිටි ඕනෑම ලංකා බැංකුවක් මඟින් ‘‘ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ලංකා බැංකු අංක 7042710
දරන ගිණුම’’ වෙත ගෙවිය යුතු අතර, ලදුපතේ මුල්පිටපත අයදුම්පතේ අංක 12 යටතේ නොගැලවෙන සේ ඇලවිය
යුතුය.
- යම් අයදුම්කරුවෙකුගේ අයදුම්පතෙහි කිසියම් සාවද්‍ය ප්‍රකාශයක් තිබීම හේතුවෙන් ඔහු/ඇය නුසුදුස්සකු බවට පත්කරනු ලැබීමෙන්, තෝරා ගැනීමෙන් පසු එ් බව අනාවරණය වුවහොත් ඔහු/ඇය සේවයෙන් පහ කිරීමටත් ඉඩ ඇත.
අත්සන සහතික කිරීම :
අයදුම්කරුවන් තම ආදර්ශ අත්සන, රජයේ පාසල් ප්‍රධානියකු/විශ්‍රාමික ප්‍රධානියකු/කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිවරයෙකු, සාමදාන විනිශ්චයකාරවරයෙකු, දිවුරුම් කොමසාරිස්වරයෙකු, නීතිඥවරයෙකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු, ත්‍රිවිධ
හමුදාවේ අධිකාරිලත් නිලධාරියෙකු හෝ රු. 4,52,916 හෝ ඊට වැඩි හෝ වාර්ෂික වැටුපක් ලබන රජයේ හෝ පළාත්රා ජ්‍ය සේවයේ හෝ ස්ථිර මාණ්ඩලික නිලධාරියෙකු හෝ බෞද්ධ විහාරයක විහාරාධිපති, නායක ස්වාමීන්වහන්සේ නමක් හෝ අන්‍ය ආගමික පූජ්‍ය ස්ථානයක් භාර පූජ්‍ය තත්ත්වයේ සැලකිය යුතු තත්ත්වයක් දරන අයකු ලවා සහතික කරවා ගත යුතුය. දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු අපේක්ෂකයන් සිය අයදුම් පත්‍රය ආයතන ප්‍රධානියා මඟින් එවිය යුතුය.
මෙම නිවේදනයෙන් ආවරණය නොවන කරුණක් සඳහා අවසන් තීරණ ගැනීමේ බලය ගොඩනැගිලි අධ්යක්ෂ ජනරාල්ස තු වේ. එසේම සිංහල/දෙමළ පරිවර්තනයන් අතර යම් අනනුකූලතාවයක් මතු වුවහොත් සිංහල මාධ්‍ය නිවේදනය බලපැවැත්වේ.
ඉංජි. එම්. එච්. එම්. ඉස්මයිල්,
ගොඩනැගිලි අධ්යක්ෂ ජනරාල්.
2018 දෙසැම්බර් මස 19 වැනි දින,
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
Post a Comment