අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය-ශ‍්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා වූ ඉංග‍්‍රීසි භාෂා පරීක්ෂණය 2018

  • අංක 1885/31 හා 2014.10.22 දිනැති ශ‍්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට අනුව ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරින් සඳහා වන භාෂා පරීක්ෂණය 2019 අපේ‍්‍රල් මස කොළඹදී පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.
  • විදුහල්පති සේවයේ සෑම නිලධාරියෙකුම බඳවා ගැනීමේ දින සිට වසර (03) ක් ඇතුළත සන්ධාන භාෂාව පිළිබඳ ප‍්‍රවීණතාවය  ලබා  ගත  යුතුය.  නිලධාරියකු  අ.පො.ස.  (සා.පෙ)  විභාගයේ  දී  ඉංග‍්‍රීසි  විෂය  සඳහා  අවම  වශයෙන්  සම්මාන  සාමර්ථයක් හෝ ඊට ඉහළ සාමර්ථයක් ලබා තිබේ නම් ඉංග‍්‍රීසි භාෂා පරීක්ෂණය සමත් වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ලැබේ. සෙසු නිලධාරීන් මෙම පරීක්ෂණය සමත් විය යුතු ය.
  • මෙම විභාගයට අදාළ විෂය නිර්දේශය හා අනෙකුත් විධිවිධාන අංක 1885/31 දරන 2014.10.22 දිනැති ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ පළ කර ඇත. අයදුම්කරුවන්ගේ පහසුව සඳහා එම විෂය නිර්දේශය හා අනෙකුත් විධිවිධාන පහත දක්වා ඇත.
  1. විභාග පටිපාටිය - විෂය නිර්දේශය පහත පරිදි වේ.
  • සාමාන්‍ය ඉංග‍්‍රීසි (General English)   ලකුණු 100 - කාලය පැය 03
  • විෂය නිර්දේශය
  • Suitable level of proficiency on the following forms of grammar in the written language is expected from the candidate:
- Tenses and Numbers
- Sentences (Simple/Compound/Complex/Compound Complex)
- Relative Clauses
- Reported Speech
- Adjectives and Adverbs
- Determiners
- Prepositions
  • The knowledge on the modern formats and styles of writing is tested in following area of study :-
- Summary writing
- Report writing
- Essay writing


  • සාමර්ථය ලැබීම සඳහා මෙම විෂයට අපේක්‍ෂකයකු අවම වශයෙන 40% ක හෝ ඊට වැඩි ලකුණු ප‍්‍රමාණයක් ලබා ගත යුතුය.
  1. විභාගයට පෙනී සිටි සිය ̈ම  අයදුම්කරුවන්ගේ ප‍්‍රතිඵල ඇතුළත් ප‍්‍රතිඵල ලේඛනය ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබා දෙනු ඇත. විභාග අපේක්‍ෂකයින් වෙත පෞද්ගලික ප‍්‍රතිඵල ලේඛන නිකුත් කිරීම විභාග කොමසාරිස්  ජනරාල් විසින් සිදු නොකරනු ඇත.
  • පහත දැක්වෙන ආකෘතියට අනුව, ඉල් ̈ම් පත‍්‍රයේ අංක 01 සිට 04 තෙක් වූ ශීර්ෂ පළමුවන පිටුවටද ඉතිරිය අනෙක් පිටුවලට ද ඇතුළත් වන පරිදි ඉල් ̈ම්පත‍්‍රය සකස් කළ යුතු අතර ඊට අදාළ තොරතුරු විභාගයට ඉල් ̈ම් කරන මාධ්‍යයෙන්  තම අත් අකුරින්ම පැහැදිලිව සම්පූර්ණ කළ යුතුය. සම්පූර්ණ කරන ලද ඉල් ̈ම් පත‍්‍රයේ ඡුායා පිටපතක් ළඟ තබා ගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇති බව දන්වමි. තවද සම්පූර්ණ කරනු ලබන ඉල් ̈ම් පත‍්‍රය විභාග නිවේදනයේ සඳහන් ආදර්ශ ඉල් ̈ම් පත‍්‍රයට අනුකූලද යන්න පිළිබඳව අයදුම්කරු විසින් විමසා බැලිය යුතු අතර ආදර්ශ ඉල් ̈ම් පත‍්‍රයට අනුකූල නොවන ඉල් ̈ම් පත‍්‍ර හා අසම්පූර්ණ ලෙස තොරතුරු සඳහන් කර ඇති ඉල් ̈ම්  පත‍්‍ර දැනුම් දීමකින් තොරව ප‍්‍රතික්ෂේප කෙරේ. තවද ඉල් ̈ම් පත‍්‍රය යොමු කිරීමට ප‍්‍රථම නියමිත විභාග ගාස්තු ගෙවා එහි විස්තර ඉල් ̈ම් පත‍්‍රයට ඇතුළත් කොට ලදුපත අලවා ඇත්ද යන්න පිළිබඳ නැවත විමසිලිමත් විය යුතු බවත්, සම්පූර්ණ කරන ලද ඉල් ̈ම් පත‍්‍රයේ හා විභාග ගාස්තුවට අදාළ ලදුපතේ ඡුායා පිටපතක්  ළඟ තබා ගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇති බවත් දන්වමි. ඉල් ̈ම් පත‍්‍රය පිළියෙල කර ගන්නා විට එහි ශීර්ෂයේ සඳහන් විභාගයේ නම සිංහල ඉල් ̈ම් පත‍්‍රවල සිංහලට අමතරව ඉංග‍්‍රීසියෙන්ද, දෙමළ ඉල් ̈ම් පත‍්‍රවල දෙමළට අමතරව ඉංග‍්‍රීසියෙන්ද යෙදීම අවශ්‍ය බව දන්වමි.
  •  විභාග කොමසාරිස් ජනරාල් විසින් විභාගය පවත්වනු ලබන අතර, එය පැවැත්වීම සඳහා ඔහු විසින් පනවා ඇති නීති රීති පිළිපැදීමට අපේක්‍ෂකයෝ බැඳී සිටිති. විභාගය සඳහා වන නීති රීති මෙම නිවේදනය අවසානයේ පළ කොට ඇත.
  • ඉල් ̈ම් පත‍්‍ර 2019 ජනවාරි 21 වැනි දින හෝ ඊට ප‍්‍රථම විභාග කොමසාරිස් ජනරාල්, සංවිධාන (ආයතනික හා විදේශ විභාග) ශාඛාව, ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ. 1503, කොළඹ ලිපිනයට ලැබෙන පරිදි විදුහල්පති / කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ / කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ හෝ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ / පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ මඟින් හෝ ඔබේ සේවා ප‍්‍රධානියා මඟින් ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ඉල් ̈ම් පත‍්‍රය බහා එවන ලියුම් කවරයේ වමත් පස  ඉහළ කෙළවරේ විභාගයේ නම පැහැදිළිව ලිවිය යුතු අතර මෙදිනට පසු එවනු ලබන ඉල් ̈ම් පත‍්‍ර ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.
  • අයදුම්කරුවන් වෙත ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කළ වහාම එ් බව සඳහන් කරමින් නිවේදනයක් පුවත්පත්වල හා ශ‍්‍රී ලංකාවිභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ පළ කරනු ඇත. නිවේදනය පළ වී දින 02 ක් හෝ 03 ක් ගතවූ පසුවත් ප‍්‍රවේශ පත‍්‍රය නොලැබුණි නම් දැන්වීමේ සඳහන් ආකාරයට එ් බව ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දන්වා සිටිය යුතුයි. එසේ දැන්වීමේදී අයදුම්කරුගේ සම්පූර්ණ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා අයදුම් කළ විභාගයේ නම සඳහන් කළ යුතුය. කොළඹින් බැහැර අයදුම්කරුවකු නම් එම විස්තර සමඟ ප‍්‍රවේශ පත‍්‍රයේ පිටපතක් එවිය හැකි ෆැක්ස් අංකයක් ද සහිත ඉල්ලීම් ලිපියක් දැන්වීමේ සඳහන් ෆැක්ස් අංකය වෙත යොමු කර විමසීම වඩාත් ඵලදායී වේ. විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන අවස්ථාවේ අවශ්‍ය වුවහොත් අයදුම්කරුගේ අපේක්‍ෂකත්වය තහවුරු කිරීම සඳහා තමා ළඟ තබා ගත් ඉල් ̈ම් පත‍්‍රයේ පිටපත, විභාග ගාස්තු ගෙවීම අදාළ වේ නම් එ් සඳහා වු ලදුපතේ පිටපත හා ඉල් ̈ම් පත‍්‍රය තැපැල් කිරීමේදී ලියාපදිංචි කරන ලද කුවිතාන්සිය ද සූදානමින් තබා ගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇත. අපේක්‍ෂකයකුට විභාග ප‍්‍රවේශ පත‍්‍රයක් නිකුත් කිරීම ඔහු හෝ ඇය විභාගයට ඉදිරිපත් වීමට සුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස නොසැලකිය යුතුය.
  • ඉල් ̈ම් පත‍්‍රයේ ද විභාගය සඳහා වන ප‍්‍රවේශ පත‍්‍රයේ ද අයදුම්කරුගේ අත්සන ආයතන ප‍්‍රධානියා හෝ ඔහු විසින්බලය පවරන ලද නිලධාරියකු ලවා සහතික කර තිබිය යුතුය. අපේක්‍ෂකයකු තමාට නියම කර ඇති විභාග ශාලාවේදී නියමිත විභාග අංකය යටතේ විභාගයට පෙනී සිටිය යුතු අතර විභාග දින තම අත්සන සහතික කරවා ගත් ප‍්‍රවේශ පත‍්‍රය ශාලාධිපති වෙත භාර දිය යුතුය. තම ප‍්‍රවේශ පත‍්‍රය ඉදිරිපත් නොකරන අපේක්ෂකයකුට විභාගයට පෙනී සිටීමට අවසර දෙනු නොලැබේ.
  • විභාග ශාලාවේදී තමන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා සාක්‍ෂි ඉදිරිපත් කිරීම අපේක්‍ෂකයින්ගේ වගකීම වේ.එ් සඳහා,
             
  1. ජාතික හැඳුනුම්පත හෝ,
  2. වලංගු විදේශ ගමන් බලපත‍්‍රය හෝ,
  3. වලංගු රියදුරු බලපත‍්‍රය හෝ,
පමණක් පිළිගනු ලැබේ.
  • විභාග ගාස්තු :

  1. මෙම විභාගය සඳහා අයකරන ලද ගාස්තු මොනයම් හේතුවක් මත හෝ ආපසු ගෙවනු නොලබන අතරවෙනත්  විභාගයක  ගාස්තුවකට  මාරු  කිරීමටද  ඉඩ  දෙනු  නොලැබේ.  තවද  විභාග  ගාස්තුව  සඳහා  මුදල්  ඇණවුම් හෝ මුද්දර භාරගනු නොලබන අතර විභාග ගාස්තු ගෙවන ලද ලදුපතේ ඡුායා පිටපතක් ළඟ තබා ගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇත.පළමුවැනි වතාවේදී ගාස්තු අයකරනු නොලැබේ.
  2. ඊට පසු එක් එක් වතාව සඳහා රු. 250 බැගින් අය කරනු ලැබේ.  මෙම විභාග ගාස්තුව විභාග කොමසාරිස් ජනරාල්ගේ ආදායම් ශීර්ෂ 20-03-02-13 ට බැරවන ලෙස දිවයිනේ පිහිටි  ́නෑම තැපැල් කාර්යාලයකට ගෙවා ලබා ගන්නා ලදුපත ඉල් ̈ම් පත‍්‍රයේ නියමිත ස්ථානයේ නොගැලවෙන සේ අලවා එවිය යුතුය. ලදුපතේ ඡුායා පිටපතක් ළඟ තබා ගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇත.
  • විභාගය පැවැත්වීම හා ප‍්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන නීතිරීතිවලට විභාග අපේක්‍ෂකයින් යටත් වේ. එම නීතිරීති උල්ලංඝනය කළහොත් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන දඬුවමකට යටත් වීමට ඔහුට හෝ ඇයට සිදුවනු ඇති බව දන්වමි.
  • සිංහල, ඉංග‍්‍රීසි හා දෙමළ මාධ්‍යයන්ගෙන් පළවන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් නොගැලපීමක් හෝඅනකූලතාවක් ඇති බව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවක සිංහල මාධ්‍ය නිවේදනයට අනුව කටයුතු කරනු ලැබේ.
  • තවද මෙම නිවේදනය මගින් ආවරණය නොවන කිසියම් කාරණයක් වෙතොත් එ් පිළිබඳව තීරණය කිරීමේ අයිතියඅධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සතුය.
                                                                         පද්මසිරි ජයමාන්න,
                                                                                               ලේකම්,
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.
2018 දෙසැම්බර් මස 04 වැනි දින,
පැලවත්ත, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ය.


No comments