නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය -කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
තාක්ෂණ/කාර්මික විද්‍යාලයන්හි පැවැත්වෙන ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 5 සහ 6 (NVQ Level 5/6)ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම- 2019
- මෙම නිවේදනයේ සඳහන් තාක්ෂණ/කාර්මික විද්‍යාලයන්හි පැවැත්වෙන පාඨමාලා සඳහා සුදුසුකම් ඇති අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්කරුවන් අතුරින් ඔවුන්ගේ සුදුසුකම් හා කුසලතාවයන් සැලකිල්ලට ගෙන පාඨමාලා සඳහා අවශ්‍ය ප්‍රමාණයට සිසුන් බඳවා ගනු ලැබේ.
- දැන්වීමේ දක්වා ඇති ”ආදර්ශ අයදුම්පත්‍රය” ට අනුව A4 ප්‍රමාණයේ කඩදාසියක අදාල අයදුම්පත් අයදුම්කරුවන්වි සින්ම සකස් කර ගත යුතු වේ. නිසිලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2019.01.18 වැනි දිනට හෝ ඊට පෙර අදාළ තාක්ෂණ/කාර්මික විද්‍යාලයේ අධ්යක්ෂ/විදුහල්පති වෙත ලැබෙන සේ ලියපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
- එමෙන්ම, මේ පිළිබඳ සියලූ තොරතුරු www.dtet.gov.lk වෙබ් අඩවියේ පළකර ඇති අතර අයදුම්පත්‍ර එම වෙබ්අ ඩවිය මගින් ද ඉදිරිපත් කළ හැක.
03. කවරයෙහි වම්පස ඉහළ කෙලවරෙහි ඉල්ලූම් කරන පාඨමාලාවේ නම හා සංකේත අංකය යොදන්න.
04. නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
05. අර්ධකාල/සන්ධ්‍යා කාල පාඨමාලා සඳහා අධ්‍යයන වර්ෂයකට රු. 5,000 ක් අයකරනු ලැබේ.
06. පාඨමාලාවල ස්වභාවය :- එ් එ් පාඨමාලා සඳහා සුදුසුකම් හා පැවැත්වෙන තාක්ෂණ/කාර්මික විද්‍යාල යනාදිය මෙම දැන්වීමේ දක්වා ඇති පාඨමාලා පිළිබඳ ලේඛණයෙහි සඳහන් කර ඇති අතර, සියළුම අයදුම්කරුවන්ගේ අවධානය එයට යොමු කරවනු ලැබේ. එ් එ් තාක්ෂණ/කාර්මික විද්‍යාලයේ ලිපිනය තාක්ෂණ/කාර්මික විද්‍යාල ලැයිස්තුවේ සඳහන් වේ.
07. මෙම තාක්ෂණ/කාර්මික විද්‍යාලයන්හි පාඨමාලා හැදෑරීමට ඉල්ලූම් කරන සෑම ඉල්ලූම්කරුවකුම / ඉල්ලූම්කාරියකම -
- මනා චරිතයකින් යුක්ත විය යුතු ය.
- ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතු ය.
- ඉල්ලූම්පත්ර ඉදිරිපත් කරන අවස්ථාවේ දී ඇතුළත්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබිය යුතු ය.
08. සුදුස්සන් තෝරාගනු ලබන්නේ සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මතය. එසේ තේරීමේදී ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ 3/4) ලබා ඇති අපේක්ෂකයින් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙ
09. ලිපි ලේඛන කිසිවක් හෝ ඒවායේ පිටපත් හෝ අයදුම්පත සමග ඉදිරිපත් නොකළ යුතු ය. සම්මුඛ පරීක්ෂණයේ දී අවශ්‍යතා හා පිළිගත හැකි ලිපිලේඛන ඉදිරිපත්නොකර, යෝග්‍යතාව ඔප්පු කිරීමට නොහැකිවන අයදුම්කරුවන් නුසුදුස්සන් වනු ඇත.
10.
- පූර්ණ කාලීන දිවා පාඨමාලා හදාරණ සිසුන් සඳහා තම පවුලේ ආර්ථික තත්ත්වය මත විද්‍යාලයේ පන්තිවලට සහභාගී වන සෑම දිනකටම රු. 50 දීමනාවක්, (මසකට රු. 1,000 ක උපරිමයකට යටත්ව) ගෙවනු ලැබේ.
- පූර්ණ කාලීන දිවා පාඨමාලා හදාරන සිසුන් අතරින් තෝරාගත් අඩු ආදායම්ලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා රු. 2500 බැගින් වූ වාර්ෂික ශිෂ්‍යධාරයක් ගෙවනු ලැබේ.
- පූර්ණ කාලීන දිවා පාඨමාලා හදාරන සිසුන් සඳහා ලංගම හා දුම්රිය අනුග්‍රහ වාර ප්‍රවේශ පත්‍ර අවශ්‍යතාව මත ලබාගත හැකිය.
11. අර්ධ කාලීන/සති අන්ත පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන් අදාළ ක්ෂේත්රයේ රැුකියාවක නියුතු වී සිටිය යුතුය.
12. සිය ලිපි ලේඛණවල සත්‍යතාවය පිළිබඳව ඉල්ලූම්කරු සම්පූර්ණයෙන් ම වගකිව යුතුය. වංචනික හෝ වෙනස්කි රීම සහිත ලිපිලේඛන ඉදිරිපත් කරන හෝ අයදුම්පතෙහි සඳහන් කරුණු සනාථ වන සේ ලිපිලේඛණ සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් නොකරන අයදුම් කරුවන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
13. මෙම ගැසට් පත්‍රයෙහි සඳහන් තාක්ෂණ/කාර්මික විද්‍යාලවල 2019 අධ්‍යයන වර්ෂයෙහි පැවැත්වීමට නියමිත පාඨමාලා සඳහා කිසියම් හේතුවක් නිසා ප්‍රමාණවත් අයදුම්පත්‍ර නොමැති අවස්ථාවක දී එම පාඨමාලා ආරම්භ කිරීම හෝ අත්හිටුවීම කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්ගේ අභිමතය පරිදි වේ.
14. ඕනෑම අයදුම්කරුවකුට තමන් කැමති ඕනෑම පාඨමාලාවකට වෙන වෙනම ඉල්ලූම්පත්රයක් බැගින් ඉදිරිපත්ක ළ හැකිය.
පී. එන්. කේ. මලලසේකර,
අධ්යක්ෂ ජනරාල්,
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව.
තැ.පෙ. 557,
ඕල්කොට් මාවත,
කොළඹ 10.
Post a Comment