රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව-රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩ 03 සේවා ගණයට අයත් ඕෆ්සෙට් ලිතෝ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු තනතුර සඳහා බඳවා ගැනීම (විවෘත බඳවා ගැනීම)
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව-
- රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩ 03 සේවා ගණයට අයත් ඕෆ්සෙට් ලිතෝ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු තනතුර සඳහා බඳවා ගැනීම (විවෘත බඳවා ගැනීම)
- ආරක්ෂක අමාත්‍යාංශයට අයත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින කළමනාකරණ සහකාර තාක්ෂණ ඛණ්ඩ 03 සේවා ගණයට අයත් මුද්‍රණ සේවයේ III පන්තියේ III ශ්‍රේණියේ ඕෆ්සෙට් ලිතෝ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු තනතුරු 31 ක් සඳහා සුදුස්සන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ. මෙම නිවේදනය අවසානයේ ඇති ආදර්ශ ආකෘති පත්‍රය අනුව පිළියෙල කරන ලද අයදුම්පත් 2019.01.21 වැනි දිනට හෝ ඊට පෙර ‘‘රජයේ මුද්‍රණාලායාධිපති, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව,අංක 118, ෙදාස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත, කොළඹ 08’’ යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. කවරයේ වම්පස ඉහළ කෙළවරේ ‘‘ඔෆ්සෙට් ලිතෝ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු තනතුරට බඳවා ගැනීම (විවෘත බඳවා ගැනීම)’’ යනුවෙන් පැහැදිලිව සටහන් කළ යුතුය.
- තනතුරට බඳවා ගැනීමේ ක්‍රමය :
- බඳවාගනු ලබන තනතුරට අදාළව හය (06* මාසික වෘත්තීය පුහුණුවක් ලබා දී එම පුහුණුව සාර්ථකව නිම කරන නිලධාරීන් අදාළ තනතුරේ බඳවා ගත් දිනය පදනම් කරගෙන ස්ථීර තනතුරට පත් කරනු ලැබේ. ජාතික වාත්තීය සුදුසුකම් 4 වන (NVQ4) මට්ටමේ කුසලතාවය මැන බැලීම සඳහා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වනු ලබන අතර එහිදී දක්වන කුසලතා අනුපිළිවෙල මත සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයකින් පසු පුරප්පාඩුතනතුරු සඳහා බඳවා ගනු ලැබේ. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී ඔෆ්සෙට් ලිතෝකරණය පිළිබඳ සෑම ක්ෂේත්රයෙන්ම ආවරණය වන පරිදි අයදුම්කරුවන්ගේ පරිචය මැන බලන අතර ලබා දෙනු ලබන මුළු ලකුණු ප්‍රමාණය 100 ක් වේ.
2. සේවා නියුක්ත කරවීමේ කොන්දේසි :
- මෙම තනතුර ස්ථිර හා විශ්‍රාම වැටුප් සහිතය. (විශ්‍රාම වැටුප් හිමිකම පිළිබඳ රජය විසින් ඉදිරියේ දී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයන්ට ඔබ යටත් විය යුතුය.)
3. තනතුරට අදාළ වැටුප් ක්‍රමය හා වැටුප් කේත අංකය :
- මසකට රු. 29,840 - 10 ං 300 - 11 ං 350 - 10 ං 560 - 10 ං 660 - 48,890 ක වැටුප් පරිමාණයක් මෙම තනතුරට හිමිවේ. (රා. ප. ච. අංක. 03/2016 අනුව*වැටුප් කේත අංකය - ඵඔ1- 2016
4. බඳවා ගැනීමේ සුදුසුකම් :
4.1 වෘත්තීය සුදුසුකම් :
- ඔෆ්සෙට් ලිතෝකරණය පිළිබඳ ජාතික වෘත්තීය සුදුසුකම් හතර (NVQ4) මට්ටමේ ප්‍රවීණතා සහතිකයන් ලබා තිබීම.
4.2 පළපුරුද්ද :
- පිළිගත් ආයතනයක අදාළ ක්ෂේත්රයේ වසර පහ (05) කට නොඅඩු පළපුරුද්දක් තිබීම. (මෙම පළපුරුද්ද විධිමත් ලේඛන මගින් සනාථ කල යුතුය. මෙම පස් අවුරුදු සේවා කාලය තුළ අයදුම්කරුවන් සේවය සඳහා අර්ථසාධක අරමුදලට/විශ්‍රාම වැටුප් අරමුදලට දායක මුදල් ගෙවා තිබෙන බවට සනාථ කළ යුතුය.)
4.3 කායික සුදුසුකම් :
- සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත්, තනතුරේ රාජකාරි ඉටු කිරීමට ප්රමාණවත්ශාරිරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.
4.4 වෙනත් සුදුසුකම් :
4.4.1 අයදුම්කරුවන් ශ්‍රී ලංකා පුරවැසියන් විය යුතුය.
4.4.2 අයදුම්කරුවන් විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය.
4.4.3 යම් ආගමික නිකායක පැවිදිවරයෙකු නොවිය යුතුය.
4.4.4 රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රිතීන්හි ඪ වෙනි පරිච්ෙඡ්දය අනුව රජයේ සේවයට පත්කරනු ලැබීමට නුසුදුසු තැනැත්තෙකු නොවිය යුතුය.
4.4.5. තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් කරනු ලබන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.
4.4.6 සේවා අවශ්‍යතාවය මත දිවා රාත්‍රී ඕනෑම සේවා මුරයක සේවය කළයුතු අතර, පවතින රාජකාරි අනුව වසරේ සෑම දිනකම නොපිරිහෙලා තම සේවය සැපයීමට එකඟ විය යුතුය.
4.5 වයස් සීමාව :
- අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට වයස අවුරුදු 30 ට නොඅඩු හා උපරිම වයස අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.
05.අයදුම්පත් කැඳවනු ලබන දිනට පසුව ලැබෙන හෝ තැපෑලේදී අස්ථානගත වන අයදුම්පත් පිළිබඳ කිසිදු වගකීමක්භා රගනු නොලැබේ.
06. මෙහි සඳහන් නොවන වෙනත් කරුණක් වෙතොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව තීරණය වේ.
07. මෙම ගැසට් නිවේදනයේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා පාඨ අතර යම් අනනුකුලතාවයක් හෝ පරස්පරතාවක් ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු වන්නේය.
08. අපේක්ෂකයෙකු කිසියම් කරුණක් සාවද්‍ය බව දැන දැනම ඉදිරිපත් කර ඇති බව හෙළි වුවහොත්, එසේ නැත්නම් යම් වැදගත් කරුණක් ඔහු/ඇය ඕනෑකමින් යටපත් කර ඇති බව පෙනී ගියහොත් ඔහු/ඇය සේවයෙන් පහකිරිමට යටත් වනු ඇත.
ගංගානි ලියනගේ,
රජයේ මුද්‍රණාලායාධිපති,
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව,
Post a Comment