අධිකරණ සේවා කොමිෂන් සභාව උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ අධිකරණ කළමනාකරණ සහකාර සේවයේ අධිකරණ යතුරු ලේඛක (සිංහල/ දෙමළ) III වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2018
01. අංක 2088/26 දරන 2018.09.11 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරන
ලද උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවා ව්‍යවස්ථාවෙහි දක්වා
ඇති විධිවිධානයන්ට අනුව උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ
අධිකරණ කළමනාකරණ සහකාර සේවයේ අධිකරණ යතුරු ලේඛක
ෂෂෂ වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සඳහා
සුදුසුකම්ලත් ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයඳුම්පත් කැඳවනු ලැබේ.
මෙම විභාගය අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින්
කොළඹ දී පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. මෙම
විභාගය කල් දැමීමට හෝ අවලංගු කිරීමට අධිකරණ සේවා කොමිෂන්
සභාවේ උපදෙස්වලට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට
බලය ඇත.
02. සේවා කොන්දේසි :
2.1 රාජ්‍ය සේවයේ පත්වීම් පාලනය කරන පොදු කොන්දේසිවලට ද
, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2088/26 සහ
2018.09.11 දින දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද
උපලෙ ්ඛනගත රජයෙ ් න ිලධරයන ් ප ිළ ිබඳ ව්‍යවස ්ථා සංග ්රහයෙ ්
පනවා ඇති නියමයන් හා කොන්දේසිවලට ද, එම ව්‍යවස්ථාවට
කර ඇති හෝ මින් මතු කෙරෙන හෝ සංශෝධනවලට ද, ආයතන
සංග්‍රහයේ හා මුදල් රෙගුලාසි විධිවිධානවලට ද යටත්ව තෝරා ගනු
ලබන අපේක්ෂකයෙකු අධිකරණ කළමනාකරණ සහකාර සේවයේ
අධිකරණ යතුරු ලේඛක ෂෂෂ ශ්‍රේණියට පත් කරනු ලැබේ.
2.2 මෙම පත්වීම අවුරුදු තුනක පරිවාස කාලයකට යටත් ය. අධිකරණ
කළමනාකරණ සහකාර සේවයේ අධිකරණ යතුරු ලේඛක ෂෂෂ වන
ශ්‍රේණියට බඳවා ගෙන වසර 05 ක් ඇතුළත සේවා ව්‍යවස්ථාව අනුව
කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් විය යුතුය.
ෂ කොටස ථ :ෂෂඅ* ඡෙදය ” ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2019.01.11 7
2.3 තමා වෙත පිරිනමන ලද තනතුරෙහි රාජකාරී නියමිත දිනයේ දී
භාර ගැනීමට අපොහොසත් වන හා/හෝ පත් කරන ලද තනතුරක
හෝ පත් කරන ලද ප්‍රදේශයක රාජකාරි භාර ගැනීම ප්‍රතික්ෂේප
කරන; හෝ
මඟහරින හෝ අයඳුම්කරුවන්ගේ පත්වීම අහෝසි කරනු ලැබීමට
අධිකරණ සේවා කොමිෂන් සභාවේ නියෝග පරිදි බලය ඇත.
03. වැටුප :
අංක 03/2016 හා ඊට අනුරූපව අධිකරණ සේවා කොමිෂන් සභාව
විසින් නිකුත් කරන ලද 2016.06.24 දිනැති අධිකරණ සේවා කොමිෂන්
සභා චක්‍රලේඛ අංක 386 අනුව, උපලේඛනගත රජයේ නිලධරයන්ගේ
සේවයේ අධිකරණ කළමනාකරණ සහකාර සේවයේ අධිකරණ යතුරු
ලේඛක ෂෂෂ ශ්‍රේණියට අදාල මාසික වැටුප් පරිමාණය (ඵභ 2-2016*
රු.28,940 - 10 ං 300 - 11 ං 350 - 10 ං 560 - 10 ං 660 - රු.47,990
(ආරම්භක වැටුප - රු.28,940* ක් වන අතර එම වැටුප ඔබට හිමිවන්නේ
2020.01.01 දින සිට වේ. ඉහත චක්‍රලේඛයේ උපලේඛන ෂෂ හි විධිවිධාන
පරිදි පත්වීම ක්‍රියාත්මක වන දින සිට වැටුප් ගෙවනු ලැබේ.
04. මෙම තනතුර ස්ථීරය. විශ්‍රාම වැටුප් සහිතය. උපලේඛනගත රජයේ
නිලධරයන්ගේ තනතුරු විශ්‍රාම වැටුප් සහිත බව ඉහතින් දක්වා තිබුණ
ද අනාගතයේදී බඳවා ගනු ලබන අධිකරණ කළමනාකරණ සහකාර
සේවයේ අධිකරණ යතුරු ලේඛක ෂෂෂ වන ශ්‍රේණියට පත්වන නිලධාරින්
සම්බන්ධයෙන් ඔවුන්ට අදාල විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබද රජය හා/
හෝ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඉදිරියේදී ගනු ලබන
ප්‍රතිපත්තිමය තීරණය අනුව නිර්ණය කරනු ලැබේ.
05. සුදුසුකම් :
උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ අධිකරණ කළමනාකරණ
සහකාර සේවයේ අධිකරණ යතුරු ලේඛක ෂෂෂ වන ශ්‍රේණියේ තනතුරට
බඳවා ගැනීම සඳහා පහත සුදුසුකම් සපුරා තිබිය යුතුය.
(අ* ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය.
(ආ* අයඳුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 18 ට නොඅඩු
හා අවුරුදු 35 ට නොවැඩි විය යුතුය.
(ඇ* විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය.
(ඈ* උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයට බඳවා ගනු ලබන
සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය
කිරීමටත්, තනතුරේ රාජකාරි ඉටුකිරීමටත් ප්‍රමාණවත් ශාරිරික
හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.
(ඉ* පහත සඳහන් අධ්‍යාපන සුදුසුකම් සම්පුර්ණ කර තිබිය යුතුය.
(ස* සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව ඇතුළුව
විෂයයන් හතරකට (04* සම්මාන සාමාර්ථයන් සහිතව
එක් වරකදී ගණිතය ඇතුලූවිෂයයන ් හයක ින ්
(06* අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ*
විභාගය සමත්ව තිබීම. (අධිකරණ ලඝු ලේඛක (සිංහල*
තනතුරට අයදුම් කරන අයදුම්කරුවන්ට සිංහල භාෂාව
සඳහා ද, අධිකරණ ලඝු ලේඛක (දෙමළ* තනතුරට
අයදුම් කරන අයදුම්කරුවන්ට දෙමළ භාෂාව සඳහා
ද, අධිකරණ ලඝ ු ලෙ ්ඛක (ඉංග ්‍ර ීස ි* තනත ුරට අයඳුම්
කරන අයදුම්කරුවන්ට ඉංග්‍රීසි භාෂාව සඳහා ද සම්මාන
සාමාර්ථයක් තිබිය යුතුය*
සහ
II) ජාතික තරුණ සේවා සභාව, ජාතික අධුනිකත්ව සහ
කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, කාර්මික විද්‍යාල හෝ
රජයේ ලියාපදිංචි පුහුණු ආයතනයක ලඝු ලේඛනය සහ
යතුරු ලියනය පාඨමාලාවක් සාර්ථකව හදාරා ඉන්
සමත්ව තිබීම.
සැ.යු. - සෑම අයදුම්කරුවකුම තනතුරට අදාළ සියලූ සුදුසුකම් 2019
ජනවාරි මස 11 වැනි දින හෝ ඊට පෙර හෝ සම්පුර්ණ කර
තිබීම අනිවාර්ය වේ.
06. විභාග පටිපාටිය :-
(අ* මෙම විභාගය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්
වේ. අයදුම්කරුවකු තමාට අදාල එක් මාධ්‍යයක් තෝරා ගත
යුතු අතර විභාගයට නියමිත සියලූම ප්‍රශ්න පත්‍ර සඳහා එම
මාධ්‍යයෙන්ම පිළිතුරු සැපයිය යුතුය. ඉල්ලූම් කරන මාධ්‍යය
පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ.
විභාගය ප්‍රශ්න පත්‍ර තුනකින් (03*යුක්ත වේ
*පුරප්පාඩු සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ලඝු ලේඛනය හා යතුරු ලියන විෂයයේ
සමත්වීම සඳහා ලබාගත යුතු අවම ලකුණු අධිකරණ සේවා කොමිෂන් සභාවේ
අභිමතය අනුව තීරණය කරනු ඇත.*.
විභාගය සඳහාවන විෂයය නිර්දේශය :
01. භාෂා හැකියාව :-
මෙම ප්‍රශ්න පත්‍රය අපේක්ෂකයන්ගේ අදහස් ප්රකාශනය, අවබෝධය,
අක්ෂර වින්‍යාසය, භාෂාව හා රචනය, ලිපි කෙටුම්පත් කිරීම, සපයා ඇති
දත්ත අනුව ප්‍රස්ථාර සහ වගු සකස් කිරීම, දී ඇති පාඨ සාරාංශ කිරීම, දී
ඇති වාක්‍ය කීහිපයක අදහස් තනි වාක්‍යයකින් ලිවීම සහ සරල ව්‍යාකරණ
භාවිතය ප ිළ ිබඳ දැන ුම පරීක ්ෂා කෙරෙන විෂයාන ුබද ්ධ ප ්රශ ්නවල ින ්
සමන්විත වේ.
02. අභියෝග්‍යතාව :-
මෙම ප්‍රශ්න පත්‍රය අපේක්ෂකයන්ගේ සංඛ්‍යාමය හැකියාවන්, තර්කන
ශක්ත ිය, සාමාන්‍ය බ ුද ්ධිය මැනෙන අය ුරින ් සැකසෙන විෂයාන ුබද ්ධ
ප්‍රශ්නවලින් සමන්විත වේ.
03. යතුරු ලියනය
(සිංහල/දෙමළ* යතුරු ලියනය (සිංහල*
දෙනු ලබන වචන 400 ක ෙඡ්දයක් විනාඩියකට වචන 20 ක
වේගයෙන් යතුරු ලියනය කිරීම යතුරු ලියනය (දෙමළ*
දෙනු ලබන වචන 400ක ෙඡ්දයක් වචන 20ක වේගයෙන් යතුරු
ලියනය කිරීම.
සටහන : සෑම ලිඛිත පිළිතුරු පත්‍රයකම අපැහැදිලි අකුරු සම්බන්ධයෙන් ලකුණු
අඩු කරනු ලැබේ. (මෙම ප්‍රශ්න පත්‍ර බහුවරණ ප්‍රශ්න, ව්‍යුහගත රචනා
ප්‍රශ්න, රචනා ප්‍රශ්න හා/හෝ ප්‍රායෝගික ප්‍රශ්නවලින් සමන්විත වනු ඇත.*
(යතුරු ලියනය සඳහා තමන් අයඳුම් කරන ගණයට අදාළ ප්‍රශ්න පත්‍රය
තෝරාගත යුතුය. රාජකාරි කටයුතු සඳහා අපේක්ෂකයා සතු සුදුසුකම
හා හැකියාව පරීක්ෂා කිරීම සඳහා මෙම ප්‍රශ්න පත්‍රය සකස් කරනු ඇත.
07. විභාගයේ සියලූම විෂයන් සමත් අපේක්ෂකයින් අතරින් ඉහළම ලකුණු
ලබා ගන්නා අපේක්ෂකයාගේ සිට පහළට ලකුණු අනුපිළිවෙළ අනුගමනය
කරමින් සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයකින් පසු එකී විභාගය
සඳහා වෙන් කළ පුරප්පාඩු සංඛ්‍යාවට සමාන අයදුම්කරුවන් සංඛ්‍යාවක්
පත් කළ හැකිය. එසේ වුවද කිසියම් පුරප්පාඩු සංඛ්‍යාවක් නොපිරවීම
සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තීරණය කළ හැකිය.
විභාග ප්‍රතිඵල.- අයඳුම්කරුවන් වෙත විභාග ප්‍රතිඵල දැනුම්දීම අධිකරණ
සේවා කොමිෂන් සභාවේ ලේකම් මඟින් තැපෑලෙන් එවනු ඇත.
08. සාවද්‍ය තොරතුරු සැපයීමට දඬුවම් :
අපේක්ෂකයෙකුට සුදුසුකම් නොමැති බව අනාවරණය වුවහොත් විභාග
යට කලින් හෝ විභාගය පවත්වන කාලයේදී හෝ විභාගයෙන් පසුව හෝ
ඕනෑම අවස්ථාවකදී ඔහුගේ /ඇයගේ අපේක්ෂකත්වය අවලංගු කිරීමට ඉඩ
ඇත. අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ඇති කිසියම් කරුණක් සාවද්‍ය බව
දැන දැනම ඉදිරිපත් කර ඇති බව හෙළි වුවහොත්, එසේ නැත්නම් යම්
වැදගත් කරුණක් ඔහු/ඇය ඕනෑකමකින් යටපත් කර ඇත්නම් ඔහු/ඇය
රජයේ සේවයෙන් පහ කිරීමට ඉඩ ඇත.
09. විභාග ගාස්තු . - විභ ාග ග ාස ්ත ු ර ැ . 400 ක ි . මෙම ම ුදල
”අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්” නමින් මහජන බැංකුව,
වේල්ල වීදිය ශාඛාවේ පවත්වා ගෙන යන ගිණුම් අංක 297100199025039
ට බැර කර ලබා ගන්නා ලද ලදුපත එහි එක් දාරයක් මඟින් අයඳුම්පත්‍රයේ
නියමිත ස්ථානයේ නොගැලවෙන සේ ඇලවිය යුතුය. (රිසිට්පතේ ඡුායාස්ථ
පිටපතක් මතු ප්‍රයෝජනය සඳහා ළඟ තබා ගත යුතුය.* කිසිම හේතුවක්
නිසාවත් විභාග ගාස්තු ආපසු ගෙවනු නොලබන අතර, මුදල් ඇණවුම්
හා මුද්දර භාරගනු නොලැබේ.
10. ඉල්ලූම් කිරීමේ ක්‍රමය :
(අ* ඉල්ලූම්පත්රය මෙම නිවේදනයට අමුණා ඇති ආදර්ශ ආකෘතියට
අන ුක ූල විය ය ුත ු අතර, එය කඩදාස ියෙ ් දෙපැත ්ත පාවිච්චි
කරමින් 8 ඃ.. ං 12..(ඒ 4* ප ්රමාණයේ කඩදාසියක සකස් කර
අපේක්ෂකයා විසින් ම සිය අත් අකුරින් සම්පූර්ණ කළ යුතුය. මේ
සඳහා පරිගණකයෙන් සකස් කරන ලද/ යතුරු ලියනය කරන ලද
අයඳුම්පත් ද භාවිතා කළ හැකිය.
ආදර්ශ ඉල්ලූම්පත්රයට අනුකූල නොවන ඉල්ලූම්පත්ර සහ අසම්පූර්ණ
ලෙස තොරතුරු සඳහන් කර ඇති ඉල්ලූම්පත ්‍ර දැන ුම් දීමක ින ්
තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. (ඉල්ලූම්පත්රයේ ඡුායා පිටපතක්
ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් විය හැක.* සම්පූර්ණ කරන ලද
ඉල්ලූම්පත්රය විභාග නිවේදනයේ දැක්වෙන ඉල්ලූම්පත්රයට අනුකූල
ද යන්න පිළිබඳව අයදුම්කරු විසින් විමසා බැලිය යුතු වේ. එසේ
නොවුණහොත් අයඳුම්පත් ප්‍රතික්ෂේප විය හැක.
(ආ* ඉල්ලූම්පත්රය අපේක්ෂකයා විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන
භාෂා මාධ්‍යයෙන් ම විය යුතුය.
(ඇ* විභාගය සඳහා වන සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය ලියාපදිංචි
තැපෑලෙන් 2019 පෙබරවාරි 11 වැනි දින හෝ ඊට පෙර ලැබෙන
පිණිස ”ලේකම්, අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම්
කාර්යාලය, කොළඹ 12.” යන ලිපිනයට එවිය යුතුය.
ඉල්ලූම්පත්රය බහා ඇති කවරයේ වම්පස ඉහළ කෙළවරේ ”
උපලෙ ්ඛනගත රජයෙ ් න ිලධරයන ්ගෙ ් සෙ ්වයෙ ් අධිකරණ
කළමනාකරණ සහකාර සෙ ්වයෙ ් අධිකරණ යත ුරු ලෙ ්ඛක
(සිංහල/දෙමළ* ෂෂෂ වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පවත්වන
විවෘත තරඟ විභාගය - 2018” යන වචන පැහැදිළි ලෙස ලිවිය
යුතුය. මෙදිනට පසුව ලැබෙන කිසිම ඉල්ලූම්පතක ් භාර ගන ු
නොලැබේ.
(ඈ* අයඳුම්පත්‍රයේ අපේක්ෂකයාගේ අත්සන රජයේ විද්‍යාලයක
විදුහල ්පත ිවරයෙක ු, සාමදාන වින ිශ ්චයකාරවරයක ු, දිව ුරුම්
කොමසාරිස්වරයකු, නීතිඥවරයකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයකු, ත්‍රිවිධ
හමුදාවේ අධිකාරි බලයලත් නිලධාරියකු, පොලිස් සේවයේ ගැසට්
කළ තනතුරක් දරන නිලධාරියෙකු හෝ රු. 240,360 ට වැඩි මූලික
වාර්ෂික වැටුපක් ලබන රජයේ ස්ථිර තනතුරක් දරන නිලධාරියෙකු
හෝ විසින් සහතික කර තිබිය යුතුය.
(ඉ* දැනට රාජ්‍ය සේවයේ නියුතු ඉහත සදහන් සුදුසුකම් සපුරා ඇති
අයඳුම්කරුවන් තම අයඳුම්පත් ස්වකීය දෙපාර්තමේන්තු ප්‍රධානියා
මඟින් එවිය යුතුය.
(ඊ* සෑම ආකාරයකින් ම සම්පූර්ණ නොවන ඉල්ලූම්පත්ර ප්‍රතික්ෂේප
කරනු ලැබේ. තැපැල් කිරීමේදී ඉල්ලූම් පත්‍රයක් නැතිවීම හෝ ප්‍රමාද
වීම ගැන කිසිම පැමිණිල්ලක් සළකා බලනු නොලැබේ.
11. විභාගයට පෙනී සිටීම.- ප්‍රවේශ පත්‍රය නොලැබිණි නම් දැන්වීමේ සඳහන්
ආකාරයට ඒ බව අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය
වෙත දන්වා සිටිය යුතුය. එහිදී ඔබ වෙත තබාගත් අයඳුම්පත්‍රයේ පිටපත,
විභාග ගාස්තු ගෙවීමෙන් ලද කුවිතාන්සියේ පිටපත හා ඉල්ලූම්පත්රය
තැපෑලෙන් යොමු කිරීමේදී ලියාපදිංචි කරන ලද කුවිතාන්සිය ද අතැතිව
විභාගයේ නම, අයඳුම්කරුගේ සම්පුර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය
හා ලිපිනය සඳහන් කරමින් අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම්
කාර්යාලයෙන් විමසන ලෙස දන්වන අතර, කොළඹින් බැහැර ප්‍රදේශයක
අයඳුම්කරුවෙකු නම්, ෆැක්ස් මඟින් ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ලබා ගැනීම
සඳහා ඔබගේ ෆැක්ස් අංකයක් ද හා ඉහත ඔබගේ විස්තර ඇතුළත් ඉල්ලීම්
ලිපියක් ෆැක්ස් අංකය (0112 421 206 / 0112 446 111* වෙත යොමු කරමින්
ම විමසා සිටීම ද වඩාත් ප්රතිඵලදායී වනු ඇත
.
12. අපේක්ෂකයින්ගේ අනන්‍යතාව .-
තමා පෙන ී ස ිටින සෑම විෂයයක ්
සම්බන ්ධයෙන ්ම විභාග ශාලාධිපත ි සෑහ ීමකට පත ් වන අය ුරින ්
අපේක්ෂකයෙකු විභාග ශාලාවේදී තම අනන්‍යතාව ඔප්පු කළ යුතුය. මේ
සඳහා පහත සඳහන් ඕනෑම ලේඛනයක් පමණක් පිළිගනු ඇත.
(අ* පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර
ඇති ජාතික හැදුනුම්පත;
(ආ* වලංගු විදේශ ගමන් බලපත්‍රය.
13. විභාගයට ඇතුළත් වීම :
(අ* සෑම ආකාරයකින් ම සම්පූර්ණ ඉල්ලූම්පත ් එව ා ඇත ි
අයඳුම්කරුවන්ට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්
විස ින ් ප ්රවේශ පත ්රයක ් න ික ුත ් කරන ු ඇත. තම ප ්රවේශ පත ්රය
ඉදිරිපත් නොකරන අපේක්ෂකයෙකුට විභාගයට පෙනී සිටීමට
අවසර දෙනු නොලැබේ.
(ආ* අපේක්ෂකයෙකු තමාට නියම කර ඇති විභාග ශාලාවේදී විභාග
යට පෙනී සිටිය යුතුය. සෑම අපේක්ෂකයෙකු ම නියමිත විභාග
ශාලාවට අදාල ප ්රවේශ පත ්රය, අත ්සන සහත ික කරවා ගෙන
පළමුවෙන්ම එම ශාලාවේ පෙනී සිටින දින, එහි ශාලාධිපති වෙත
භාර දිය යුතුය. සෑම අපේක්ෂකයෙකුම අනුගමනය කළ යුතු නීති
මාලාවක් මෙම ගැසට් පත්‍රය ආරම්භයේ පළ කර ඇත. විභාගය
පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම්
විසින් පනවනු ලබන නීතිරීතිවලට විභාග අපේක්ෂකයින් යටත් වේ.
එම නීතිරීති උල්ලංඝනය කළහොත් අධිකරණ සේවා කොමිෂන්
සභා ලේකම් විසින් පනවනු ලබන දඬුවමකට යටත් වීමට ඔහුට
හෝ ඇයට හෝ සිදුවනු ඇත.
සටහන - අපේක්ෂකයෙකුට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම, ඔහු
හෝ ඇය විභාගයට ඉදිරිපත් වීමට සුදුසුකම් සපුරා ඇති බවට පිළිග
ැනීමක් ලෙස සලකනු නොලැබේ.
14. මෙම රෙගුලාසිවල සළසා නොමැති කරුණු පිළිබඳව අධිකරණ සේවා
කොමිෂන් සභාවේ උපදෙස්වලට යටත්ව අධිකරණ සේවා කොමිෂන්
සභාවේ ලේකම් තීරණය කරන පරිදි කටයුතු කරනු ඇත.
15. මෙහි සිංහල, ඉංග්‍රීසි, දෙමළ, මාධ්‍ය නිවේදන අතර කිසියම්
අනනුකූලතාවයක් පවතී නම්, එවැනි විටක සිංහල මාධ්‍ය නිවේදනය
අනුව කටයුතු කළ යුතුය.
Post a Comment