කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරුවල III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2017 (2019
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරුවල III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2017 (2019)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවාවේ පස් සමීක්ෂක/කාර්මික නිලධාරි තනතුරුවල III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පැවැත්වෙන විවෘත තරග විභාගයට පහත සඳහන් සුදුසුකම් ලත් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන්අ යදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2019.03.22 වන අතර 2019 ජුනි මස දී විභාගය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
02.1 - විවෘත පදනම මත බඳවා ගැනීම :
02.1.1 අයදුම්පත් භාරගන්නා අවසාන දිනය වන 2019.03.22 දිනට අයදුම්කරුවන්ගේ වයස අවුරුදු 18ට නොඅඩු විය යුතු අතර 30ට නොවැඩි විය යුතුය. (එ් අනුව 2001.03.22 දිනට හෝ ඊට පෙර හා 1989.03.22 දිනට හෝ ඊට පසු උපන් දිනය යෙදී ඇති අයට පමණක් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇත.)
02.1.2 විභාගයට ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන් පහත සඳහන් මූලික අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය සුදුසුකම් ලබා තිබීම අවශ්‍යය.
- සියලූම අයදුම්කරුවන් පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති බවට සහතික විය යුතුය. :
- ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය.
- විශිෂ්ට චරිතයකින් යුක්ත අයකු විය යුතුය.
- යම් ආගමික නිකායක පැවිදිවරයක් දරන කිසිදු තැනැත්තකු මෙම විභාගය සඳහා පෙනී සිටීමට සුදුසුකම්නොලබයි.
- දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට තරම් සුදුසු ශාරීරික හා මානසික සෞඛ්‍යයකින් ද යුක්ත විය යුතුය.
03. සේවයට බඳවා ගැනීම සඳහා වන ලිඛිත විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති ලෙසට පිළිගනු ලබන්නේ අයදුම්කරු සියලූ සුදුසුකම් අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් කරනු ලබන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබේ නම් පමණි.
04. ශ්‍රී ලංකා තාක්ෂණ සේවා ව්‍යවස්ථාවට අනුව පුරප්පාඩු සංඛ්‍යාව 03ට අඩු බැවින් බඳවා ගනු ලබන්නේ විවෘත ධාරාව යටතේ පමණි. තවද කිසියම් පුරප්පාඩු සංඛ්‍යාවක් හෝ පුරප්පාඩු සියල්ලම හෝ පිරවීමට හෝ නොපිරවීමට හෝ පත්වීම් බලධාරියාට බලය ඇත. වැටුප් හා කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය : වැටුප් කේත අංකය : ඵභ 03/2016
වැටුප් පරිමාණය : රු.31,040-445 ං 10 - 660 ං 11-730 ං 10-750 ං 10-57,550 2020.01.01 දින දක්වා වැටුප්, වැටුප් වර්ධක හා දීමනා ගෙවනු ලබන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 හි විධිවිධානවලට අනුකූලවයි. III ශ්‍රේණියට බඳවා ගෙන වසර 3ක් ඇතුළත පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය ද ෂෂ වන ශ්‍රේණියට උසස්වී වසර 3ක් ඇතුළත දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයද ෂ වන ශ්‍රේණියට උසස් වී වසර 05 ක් ගතවීමට පෙර කළමනාකරණය පිළිබඳ ත්‍රෛමාසික පුහුණු පාඨමාලාව ද සමත්විය යුතුය. රාජ්‍ය භාෂාවක් නොවන භාෂා මාධ්‍යයකින් සේවයට බැඳුණු නිලධාරියකු විසින් නියමිත රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය පරිවාස කාලය තුළදී ලබාගත යුතුය. තනතුර සඳහා නියම කර ඇති අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණත්වය රා.ප.ව. 1/2014 හා එහි සංශෝධන අනුව
ලබාගත යුතුවේ. මෙම රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා නොගැනීම හා කාර්යක්ෂමතා කඩඉම් විභාග නියමිත කාලය තුළ සමත් නොවීම ඉදිරි වැටුප් විලම්භනය වීමට හේතුවනු ඇත.
05. සේවය නියුක්ත කරවීමේ කොන්දේසි :
- මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ. තව ද, ඔබ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප්ක් රමයට/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය. රජය මගින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් එ් සඳහා දායක මුදල් ගෙවිය යුතුය.
- නියම කරනු ලබන දිවයිනේ කවර ප්‍රදේශයක වුවද සේවය කිරීමට බැඳී සිටිය යුතුය.
- අංක 1930/12 දරන 2015.09.01 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත දැනට බලාත්මක ශ්‍රී ලංකා තාක්ෂණ සේවා ව්‍යවස්ථාවේ හා බඳවා ගැනීම් පරිපාටිවල සංශෝධනවලද ඔබ යටත් විය යුතුය.
06. අයදුම්කළ යුතු ක්‍රමය :
මෙම විභාගය සඳහා වූ අයදුම්පත් ආකෘතිය මෙම නිවේදනයේ අවසානයේ පළකර ඇත. එ් අනුව අයදුම්පත් 4 (21ජපං29ජප* පරිමාණයේ කඩදාසියක පමණක් දෙපැත්තේම පිළියෙල කළ යුතුවේ. අයදුම්පතේ ශීර්ෂ අංක 01 සි 03 තෙක් පළමුවන පිටුවටද 04 සිට 06 තෙක් දෙවන පිටුවට ද 07 සිට 10 තෙක් තෙවන පිටුවටද වන ලෙස ගෙන සකස් කළ යුතුය. ඊට අදාළ තොරතුරු තම අත් අකුරෙන්ම පැහැදිලිව ඇතුළත්ක ළ යුතුය. අයදුම්පත් පිළියෙල කර ගන්නා විට එහි ශීර්ෂයේ සඳහන් විභාගයේ නම සිංහල අයදුම්පත්වල සිංහලට අමතරව ඉංග්‍රීසියෙන්ද, දෙමළ අයදුම්පත්වල දෙමළට අමතරව ඉංග්‍රීසියෙන් ද යෙදීම අවශ්‍ය වේ. ආදර්ශ අයදුම්පතට අනුකූල නොවන අයදුම්පත් අසම්පූර්ණ ලෙස තොරතුරු සඳහන් කර ඇති අයදුම්පත්දැ නුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. අයදුම්පතේ ඡුායා පිටපතක් ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත්
වනු ඇත. තවද සම්පුර්ණ කරනු ලබන අයදුම්පත ගැසට් නිවේදනයේ සඳහන් ආදර්ශ අයදුම්පතට අනුකූල ද යන්න පිළිබඳ අයදුම්කරු විසින් විමසා බැලිය යුතුය. එසේ නොවුනහොත් අයදුම්පත ප්‍රතික්ෂේප විය හැක.
- විභාගයට පෙනී සිටින මාධ්‍යයෙන් අයදුම්පත සම්පූර්ණ කළ යුතුවේ.
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2019.03.22 දින හෝ දිනට ප්‍රථම කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්, පාලන 01 ශාඛාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රධාන කාර්යාලය, පේරාදෙණිය යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
- අයදුම්පත් බහාලන කවරයේ වම්පස ඉහළ කෙලවරේ ‘‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරු සඳහා බඳවා ගැනීමේ තරග විභාගය - 2017(2019* පස් සමීක්ෂක/කාර්මික නිලධාරි’’ යනුවෙන් සඳහන් කළ යුතුය.
- අපේක්ෂකයකුට එක් තනතුරකට පමණක් අයදුම් කළ හැකි අතර එක් තනතුරක් ස`දහා විභාග ගාස්තුව රු. 600 කි. එම මුදල කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්ගේ මහජන බැංකුවේ 057-1001-7-902-7204 දරන ගිණුමට බැරවන ලෙස දිවයිනේ පිහිටි ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවා ලබා ගන්නා කුවිතාන්සිය (මුල් පිටපත* එහි එක් දාරයක් මගින් අයදුම්පතේ නියමිත ස්ථානයේ නොගැලවෙන ලෙස ඇලවිය යුතුය. එම ලදුපතේ ඡුායා පිටපත් ළඟ තබාගැනීම මතුවට ප්‍රයෝජනවත් වනු ඇත. කිසිදු හේතුවක් නිසා විභාග ගාස්තු ආපසු ගෙවනු නොලබන අතර, මුදල් ඇණවුම් හා මුද්දර භාරගනු නොලැබේ.
- අසම්පූර්ණ හා ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලබන අතර තැපෑලේදී සිදුවන නැතිවීම් හා ප්‍රමාදවීම් ගැන කෙරෙන කිසිදු පැමිණිල්ලක් සලකා බලනු නොලැබේ.
- ඉල්ලූම් පත්‍රයේ ද විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රයේ ද අයදුම්කරුගේ අත්සන සහතික කර තිබිය යුතුය. දැනටමත් රජයේ තනතුරක් දරන අයදුම්කරුවකු විභාගයට ඉල්ලූම් කරන විට තම අත්සන ආයතන ප්‍රධානියා හෝ ඔහු විසින් බලය පවරා ඇති නිලධාරියකු ලවාද, එසේ නොවන අයදුම්කරුවකු තම අත්සන රජයේ පාසලක ප්‍රධානියකු, කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිවරයකු, සාමදාන විනිශ්චයකාරවරයකු, දිවුරුම්කො මසාරිස්වරයකු නීතිඥවරයකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයකු, ත්‍රිවිධ හමුදාවේ අධිකාරිලත් නිලධාරියකු, රජයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ හෝ ස්ථිර මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියකු ලවා සහතික කරවාගත යුතුය.
- දැනටමත් රාජ්‍ය සේවයේ නියුක්ත වුවන් තම ආයතන ප්‍රධානියා මගින් මෙම අයදුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
07. විභාග පරිපාටිය :
- ගැසට් නිවේදනයේ සඳහන් සුදුසුකම් ඇති අය පමණක් ඉල්ලූම්කර ඇතැයි යන පූර්ව නිගමනය මතනිවේදනයේ සඳහන් වයස් සීමාව තුළ වන අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට හෝ එදිනට පෙර නියමිතවිභාග ගාස්තුව ගෙවා ඊට අදාළ ලදුපත සමග විභාගයට පෙනී සිටින මාධ්‍යය, නගරය හා ඉල්ලූම් කරන තනතුරද, අයදුම්කරුගේ අත්සන හා අත්සන සහතික කිරීම ද, අදාළ නම් පමණක් දෙපාර්තමේන්තු ප්රධානියාගේසහතිකය ද සහිතව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් යොමු කොට ඇති අයදුම්කරුවන් වෙත විභාගකොමසාරිස් ජනරාල් විසින් විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ඇත. අපේක්ෂකයකු තමාට නියමිත මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටින පළමු දිනයේම විභාග ශාලාධිපති වෙත තම අත්සන සහතික කරවාගත් ප්‍රවේශ පත්රයඉදිරිපත් කළ යුතුය. ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් නොකරන කිසිදු අයදුම්කරුවකුට විභාගයට පෙනී සිටීමට අවසරදෙනු නොලැබේ. අපේක්ෂකයකුට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම ඔහු හෝ ඇය විභාගයට ඉදිරිපත්වීමටසුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස නොසැලකිය යුතුය.
- අයදුම්කරුවන් වෙත ප්‍රවේශ පත්‍ර නිකුත් කළ වහාම එ් බව සඳහන් කරමින් පුවත්පත් නිවේදනයක් ශ්‍රී ලංකාවිභාග දෙපාර්තමේන්තුව මගින් පුවත්පත්වල හා දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළකරනු ඇත. නිවේදනයපළ වී දින 02ක් හෝ 03ක් ගතවූ පසුවත් ප්‍රවේශ පත්‍රය නොලැබුණි නම් දැන්වීමේ සඳහන් ආකාරයට එ් බවශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන, ආයතනික හා විදේශ විභාග ශාඛාව වෙත දන්වා සිටිය යුතුයි.ඔබ වෙත තබාගත් අයදුම්පතේ පිටපතක් ද විභාග ගාස්තුවට අදාළ ලදුපතෙහි පිටපතක්ද අයදුම්පත තැපැල්කිරීමේදී ලියාපදිංචි කරන ලද කුවිතාන්සිය ද අතැතිව, ඉල්ලූම් කරන ලද විභාගයේ නම, ඔබගේ නම ලිපිනයහා ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කොට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙස දන්වනඅතර, කොළඹින් බැහැර ප්‍රදේශයක අයදුම්කරුවකු නම්, ඉහත විස්තර සමග ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ෆැක්ස්මගින් එවීම සඳහා ඔබගේ ෆැක්ස් අංකය ද සඳහන් කරන ලද ඉල්ලීම් ලිපියක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවවෙත ෆැක්ස් මගින් යොමු කර විමසා සිටීමද වඩාත් ඵලදායි වනු ඇත.
- මෙම විභාගයට පෙනී සිටීම වෙනුවෙන් අපේක්ෂක/අපේක්ෂිකාවන්ට දැරීමට සිදුවන ගමන් වියදම් හෝ වෙනත්කිසිදු දීමනාවක් ගෙවනු නොලැබේ.
- අනන්‍යතාව - තමා පෙනී සිටින සෑම විෂයයක් සම්බන්ධයෙන්ම විභාග ශාලාධිපති සෑහීමට පත්වන අයුරින්අපේක්ෂකයකු විභාග ශාලාවේදී තම අනන්‍යතාව ඔප්පු කළ යුතුය. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින්පවත්වනු ලබන විභාගවලදී විභාග අපේක්ෂකයාගේ අනන්‍යතාව, විභාග ශාලාධිපති වෙත තහවුරු කිරීම සඳහාපහත සඳහන් ලේඛනවලින් පමණක් ඕනෑම එකක් පිළිගනු ලැබේ.
- ජාතික හැඳුනුම්පත; හෝ
- වලංගු විදේශ ගමන් බලපත්‍රය; හෝ
- වලංගු රියදුරු බලපත්‍රය.
- විෂය නිර්දේශය :
1. බුද්ධි පරීක්ෂණය (කාලය පැය 1යි, මුළු ලකුණු 100) අපේක්ෂකයාගේ සිතීමේ තර්කානුකූලත්වය. ඔහුගේ සිතීමේ විශ්ලේෂණ තත්ත්වයන්, තීරණය කිරීමේ
ශක්තිය විනිශ්චය කිරීම සඳහා වූ බහුවරණ හා කෙටි පිළිතුරු සැපයීමේ මාදිළියේ ප්‍රශ්න 50 කින් සමන්විත ප්‍රශ්න පත්රයකි. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය.
2. විෂයානුබද්ධ දැනුම (කාලය පැය 2 යි, මුළු ලකුණු 100) අපේක්ෂකයාගේ විෂයානුබද්ධ දැනුම පිළිබඳ ව්‍යුහගත ප්‍රශ්න හා බහුවරණ ප්‍රශ්නවලින් යුක්ත ප්‍රශ්න පත්රයකි.
- මාධ්‍යය :
- විභාගය පැවැත්වෙන්නේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලිනි. අපේක්ෂකයින් විභාගයේ දී පෙනී සිටිනසියලූම ප්‍රශ්න පත්රවලට එකම මාධ්‍යයකින් පෙනී සිටිය යුතුය. ඉල්ලූම් කරන මාධ්‍යය පසුව වෙනස් කිරීමටඉඩදෙනු නොලැබේ.
- විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන නීති රීතිවලට විභාගඅපේක්ෂකයින් යටත් වේ. එම නීතිරීති උල්ලංඝනය කළහොත් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන ද`ඩුවමකට යටත්වීමට ඔහුට හෝ ඇයට හෝ සිදුවනු ඇත.
- විභාගය පවත්වන ස්ථානය හා දිනය :මෙම විභාගය 2019 ජුනි මාසයේ දී කොළඹ දී හා මහනුවර දී විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනුලැබේ. යම් හෙයකින් ප්‍රමාණවත් අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් නොවුවහොත් කොළඹ දී පමණක් විභාගයපැවැත්වීමට කටයුතු කරනු ඇත. (ඉල්ලූම් කළ නගරය පසුව වෙනස් කිරීමට ඉඩදෙනු නොලැබේ.)
විභාග මධ්‍යස්ථානය සංකේත අංකය
කොළඹ 1
මහනුවර 2
08. බඳවා ගැනීමේ ක්‍රමය :
- ලිඛිත පරීක්ෂණයෙන් ලබාගත් මුළු ලකුණු කුසලතාවය මත සකස් කළ ප්‍රතිඵල ලේඛනය කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් වෙත ලබා දීමෙන් අනතුරුව විභාගයට පෙනී සිටි සියලූම අයදුම්කරුවන් වෙත ප්‍රතිඵල පෞද්ගලිකව දන්වා යැවීමට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අඅඅගරුිමකඑිගැං්පිගටදඩගකන වෙබ්අ ඩවියේ පළ කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගනු ඇත.
- ඉහත විභාගයෙන් එක් එක් ප්‍රශ්න පත්‍රයට ලකුණු 40% හෝ ඊට වැඩියෙන් ලැබූ අයදුම්කරුවන්ගේ මුළුලකුණු එකතුව අනුව සකස් කරනු ලබන ප්‍රමුඛතා ලේඛනය මත බඳවා ගැනීම් සඳහා සලකා බලනු ලැබේ.
- කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් විසින් පත්කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් මෙම විභාගයේ ලකුණු කුසලතා පදනම් කරගෙන අයදුම්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසුකම්සපුරා ඇති අය පමණක් පුරප්පාඩු සඳහා තෝරාගනු ලැබේ. (සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු පිරිනමනුනොලැබේ.*
- සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබන සංඛ්‍යාව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් විසින් තීරණය කරනුඇත.
- තනතුර සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනට අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බව සම්මුඛපරීක්ෂණයේ දී අනාවරණය වුවහොත් එම අයගේ අපේක්ෂකත්වය අවලංගු කරනු ලැබේ.
- ගැසට් නිවේදනයේ සඳහන් සුදුසුකම්, ඉල්ලූම් පත්‍ර භාරගන්නා අවසන් දිනට සම්පූර්ණ කර නොමැතිවතිබිය දී විභාගයට ඉදිරිපත්ව විභාගය සමත් වුව දසම්මුඛ පරීක්ෂණය සඳහා සලකා නොබලන අතරකිසිදු දැනුම් දීමකින් තොරව ඔහුගේ/ඇයගේ අයදුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබේ.
- ව්‍යාජ තොරතුරු හා කූඨ ලේඛන ඉදිරිපත් කර යම් අයකු පත්වීමක් ලබාගත්තේ වුවද එ් බව අනාවරණය වූවහාම ඔහුගේ/ඇයගේ පත්වීම අවලංගු කිරීමට හා ඔහුට/ඇයට විරුද්ධ නිත්‍යානුකූලව කටයුතු කිරීමටපියවර ගනු ලැබේ.
- ප්‍රතිඵල නිකුත් කිරීම - එක් එක් විෂයයට ලකුණු 40% ක් හෝ ඊට වැඩියෙන් ලබා සමත් අපේක්ෂකයින්ගේලේඛනයක් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්ගේ දැනුම්දීම අනුව සම්මුඛ පරීක්ෂණය සඳහා ලබාදෙනු ඇත.
09. මෙම නිවේදනයේ සඳහන් නොවන යම් කරුණක් වෙතොත් එ් සම්බන්ධයෙන් පත්වීම් බලධාරියා විසින් තීරණයකරනු ඇත. සියලූම අයදුම්කරුවන් මෙම ගැසට් පත්‍රයේ සඳහන් පොදු විභාග නීතිරීති අනුව කටයුතු කිරීමට බැඳීසිටිනු ඇත.
10. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පළවන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් නොගැලපීමක් හෝඅනනුකූලතාවක් ඇති බව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවක සිංහල මාධ්‍ය නිවේදනයට අනුව කටයුතු කරනුලැබේ.
අචාර්ය ඩබ්. එම්. ඩබ්. වීරකෝන්,
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් (වැ. බ.*.
2019 පෙබරවාරි මස 02 වැනි දින,
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පේරාදෙණිය.
Post a Comment