සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ක්ෂේත‍්‍රගත/කාර්යාලගත නිලධාරි ඛණ්ඩ - 2 සේවා ගණයේ (MN 05 - 2006 ් ) පෝෂණවේදී II ශ්‍රේණියේ තනතුරු සඳහා සීමිත පදනම මත බඳවා ගැනීම - 2018


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ රෝහල් හා ආයතන සඳහා ක්ෂේත‍්‍රගත/කාර්යාලගත නිලධාරි ඛණ්ඩ - 02 සේවා ගණයට (MN 05-2006්) අයත් 

පෝෂණවේදී තනතුරේ II ශ්‍රේණියට සීමිත ධාරාව යටතේ පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ.

01. බඳවා ගැනීමේ ක‍්‍රමය :

නිවේදනයේ දක්වා ඇති සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන් අතුරින් සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් හෝ ඔහු විසින් අනුමත කරනු ලබන ආයතනයක් මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයේ හා යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්‍ෂණයේ ප‍්‍රතිඵලවල කුසලතා අනුපිළිවෙල මත පවතින පුරප්පාඩු සඳහා බඳවා ගනු ලැබේ. (බඳවා ගන්නා නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව හා අවශ්‍යතාව මත අමාත්‍යාංශයේ ලේකම් විසින් තීරණය කරනු ඇත.)

02. අවශ්‍ය මුලික සුදුසුකම් :


  1. අධ්‍යාපන සුදුසුකම් :විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් ආහාර විද්‍යාව හා පෝෂණවේදය පිළිබඳ විශේෂ උපාධිය ලබා තිබීම. හෝ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් විද්‍යාවේදී උපාධිය පළමු/දෙවන පන්තියේ සාමාර්ථයක් සමග ආහාර විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබීම.
  2. පළපුරුද්ද : සේවය ස්ථිර කර ඇති, පූර්වාසන්න වසර පහ (05) ක සතුටුදායක සේවා කාලයක් සපුරන MN - 04-2006 A වැටුප් කේතය යටතේ වැටුප් ලබන රාජ්‍ය සේවයේ නිලධාරියෙකු වීම.
  3. කායික සුදුසුකම් : ශ‍්‍රී ලංකාවේ  ඕනෑම ප‍්‍රදේශයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරි ඉටු කිරීමටත් ප‍්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.

03. වෙනත් :

  1. 2019.03.15 දිනට අයදුම්කරුවන් විසින් සියලූම සුදුසුකම් සපුරා තිබිය යුතුය.
  2. අයදුම්කරු ශ‍්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය.
  3. අයදුම්කරුවන් විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුය.
04. වයස් සීමාව : අදාල නොවේ.

 05. ලිඛිත පරීක්ෂණය 

  1. අයදුම්පත බහාලන කවරයේ ඉහළ වම් කෙලවරේ ‘‘පෝෂණවේදී (සීමිත* බඳවා ගැනීම සඳහා අයදුම්පත‍්‍රය’’යනුවෙන් සඳහන් කළ යුතුය.
  2. මේ පිළිබඳ ඉදිරි ලිපි ගනුදෙනු කටයුතු විද්‍යුත් තැපෑල මගින් සිදු කිරීමට ද ඉඩඇත. එමනිසා ඔබගේ භාවිතයේ පවතින විද්‍යුත් තැපෑල ලිපිනයක් ලබාදීම අනිවාර්ය වන අතර, එ් පිළිබඳ අවධානයෙන් සිටිය යුතු වේ.
  3. විභාග ගාස්තු : විභාග ගාස්තුව රු. 500.00 කි. ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ‘‘සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්’’ නමින් ඇති ගිණුම් අංක : 7041318 ගිණුමට බැරවන පරිදි මෙම මුදල  ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ගෙවා ලබාගත් රිසිට්පත ආදර්ශ අයදුම්පතෙහි ඇති කොටුව තුළ නොගැලවෙන සේ ඇලවිය යුතුය. (මුදල් ඇණවුම් හා මුද්දර භාරගනු නොලැබේ.*
  4. මේ සමග ඇති ආදර්ශ අයදුම්පත‍්‍රයේ ආකෘතියට අනුකූල නොවන අයදුම්පත් ප‍්‍රතික්ෂේප කරනු ලැබේ. අයදුම්පත් නැතිවී හෝ ප‍්‍රමාදවීම ගැන කිසිදු පැමිණිල්ලක් භාර ගනු නොලැබේ.
  5. මෙම නිවේදනයේ නියමයන්ට අනුකූල නොවන අයදුම්පත් ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.
  6. අයදුම්පත් ලද බව දන්වා එවනු නොලැබේ.
  7. සුදුසුකම් ලැබූවන් විභාගයට කැඳවනු ලබන අතර එ් බව සති දෙකකට ප‍්‍රථම අයදුම්පතෙහි සඳහන් ලිපිනයට දැනුම් දෙනු ලැබේ.
සැලකිය යුතුය :

  1. අයදුම්පතේ සෑම වගන්තියක්ම සම්පූර්ණ කර ඇති බව හා එම තොරතුරුවල නිවැරදි බව පිළිබඳ සහතික වියයුතුය.
  2. ඉහත පරිදි බඳවා ගන්නා ලද සියළුම දෙනා රජයේ සේවකයන්ට අදාළ වන සියළුම නීති රීති ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රිකසමාජවාදී ජනරජයේ ආයතන සංග‍්‍රහයේ විධිවිධානයන්ට, ක්ෂේත‍්‍රගත/කාර්යාලගත නිලධාරි ඛණ්ඩ 2 සේවාගණයේ (ඵභ05-2006්* බඳවා ගැනීම් පරිපාටියට අයත් විධිවිධාන හා නීති රීති වලටද, සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ මගින් නියම කරනු ලබන ප‍්‍රතිපත්තිවලට, මුදල් රෙගුලාසි හා වෙනත් රෙගුලාසි වලටද රජය විසින් වරින් වර පනවනු ලබන නීති රීති හා නියෝගයන්ට යටත් වනු ඇත.
  3. තනතුර සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් මෙම පොදු චක‍්‍රලේඛයෙන් අනාවරණය වන හෝ නොවන යම්ක රුණක් සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් ඇති වුවහොත් එ් පිළිබඳව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ තීරණය අවසාන තීරණය වනු ඇත. එසේම මෙම චක‍්‍රලේඛයේ සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි පාඨ අතර යම් පරස්පරතාවයක් ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨය බල පැවැත්විය යුතු වන්නේ ය.
ගීතාමනී සී. කරුණාරත්න,
වැ.බ./ ලේකම්,
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය.
2019 ජනවාරි මස 30 වැනි දින,
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,
‘‘සුවසිරිපාය’’
385, පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10.
06. වැටුප් පරිමාණය : 

2016.02.25 දිනැති අංක 03/2016 දරන රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ උපලේඛන ෂ අනුව මෙම
තනතුරට අදාල මාසික වැටුප් පරිමාණය රු. 34,605-10ං660-11ං755ං15ං930-63,460 (ඵභ-05-2016 (එ්* වේ. ඔබටවැටුප් ගෙවනු ලබන්නේ එම චක‍්‍රලේඛයේ විධිවිධානවලට අනුකූලව එහි උපලේඛන II හි සඳහන් පරිදි වේ.

07. යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා පහත සඳහන් ලකුණු පටිපාටිය පදනම් කර ගනු ලැබේ.
08. සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි හා සේවා කොන්දේසි :
  1. බඳවා ගනු ලබන නිලධාරීන් දිවයිනේ  ඕනෑම ප‍්‍රදේශයක සේවය කිරීමට කැමති විය යුතුය.
  2. පත් කරනු ලබන තනතුර ස්ථිරය. ඔබට හිමි විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනුලබන ප‍්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ. තවද, ඔබ වැන්දඹු හා අනත්දරු විශ‍්‍රාම වැටුප්ක‍්‍ රමයට/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට දායක විය යුතුය. රජය මගින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් එ් සඳහා දායක මුදල් ගෙවිය යුතුය.
  3. අයදුම්පත් තම දෙපාර්තමේන්තු/ආයතන ප‍්‍රධානියා මගින් ඉදිරිපත් කළ යුතුය.
  4. පළපුරුද්ද තම දෙපාර්තමේන්තු ප‍්‍රධානියා මගින් සහතික කළ යුතුය.
  5. මෙම පත්වීම අවුරුදු 01ක වැඩබැලීමේ කාලයකට යටත් ය.
  6. රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 01/2014 හා ඊට ආනුෂාංගික චක‍්‍රලේඛ අනුව අදාල මට්ටමේ භාෂා ප‍්‍රවීනතාව ලබාගත යුතුය.
  7. ලිඛිත විභාගයේදී අපේක්ෂකයින් ලබා ගන්නා ලකුණුවල කුසලතාඅනුව පවතින පුරප්පාඩු සංඛ්‍යාව මෙන්දෙ ගුණයක් හෝ අවම වශයෙන් 05 දෙනෙකු යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම කරනු ලැබේ.
  8. ලිඛිත විභාගය සහ යෝග්‍යතා ඇගයීම් සම්මුඛ පරීක්ෂණයේ අපේක්‍ෂකයන් ලබා ගන්නා මුළු ලකුණුවල කුසලතා අනු පිළිවෙල සලකා පවතින පුරප්පාඩු සංඛ්‍යාව අනුව තනතුරට බඳවා ගනු ලැබේ.
  9. යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණයේදීම සුදුසුකම් පරීක්‍ෂා කිරීම ද සිදු කරනු ලැබේ.
09. අයදුම් කළ යුතු ක‍්‍රමය :

  1. අයදුම්පත් 2019.03.15 වැනි දිනට හෝ එදිනට ප‍්‍රථම පහත ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන්ඉ දිරිපත් කළ යුතුවේ. එදිනට පසුව ලැබෙන අයදුම්පත් ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.
අධ්‍යක්ෂ (පාලන* 07,
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,
සුවසිරිපාය,
385, පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10.




No comments