කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ තාක්ෂණ නිලධාරි තනතුරට බඳවා ගැනීම - 2019
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ තාක්ෂණ නිලධාරි තනතුරට බඳවා ගැනීම - 2019
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ තාක්ෂණ නිලධාරි තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විසින් ඉල්ලූම්පත් කැඳවනු ලැබේ.
02. විභාගය :-
2019 මැයි මාසයේ දී ශ්‍රී ලංකා තාක්ෂණ සේවා ව්‍යවස්ථාවට අනුකූලව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වි සින් විභාගය පවත්වනු ලැබේ. මෙම විභාගය කල් දැමීමට හෝ අවලංගු කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්ට බලය ඇත.
03. සේවා කොන්දේසි :
රජයේ සේවයේ පත්වීම් පාලනය කරන පොදු කොන්දේසි වලට ද, මෙහි පහත සඳහන් කොන්දේසිවලට ද යටත්ව ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ ෂෂෂ ශ්‍රේණියේ තාක්ෂණ නිලධාරි තනතුරට බඳවා ගැනු ලැබේ.
- පත් කරනු ලබන නිලධාරියා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමේ කොන්දේසියට යටත් වේ.
- මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ. තව ද, ඔබ විසින් වැන්දඹු හා අනත්දරු හා විශ්‍රාම වැටුප් ක්‍රමයට/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය. රජය මගින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් එ් සඳහා දායක මුදල් ගෙවිය යුතු ය.
- විවෘත බඳවා ගැනීම් යටතේ පත්කරනු ලබන නිලධාරීන් වසර 3 ක පරිවාස කාලයකට යටත් කරනු ලැබේ. රාජ්‍ය සේවයේ තනතුරක සේවය ස්ථිර කරන ලද නිලධාරියෙකු පත් කරනු ලැබුවහොත්, එක් වසරක පරීක්ෂණ කාල සීමාවකට යටත් කරනු ලැබේ. විවෘත බඳවා ගැනීම් තුළින් පත් කරනු ලබන නිලධාරින් තනතුරේ ස්ථිර කිරීමට පෙරාතුව, නියමිත පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයෙන් සමත්ව තිබීම ද අවශ්‍ය වේ.
- රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන සියලූම නිලධාරින් සේවයට බැඳුනු රාජ්‍ය භාෂාවකට අතිරේක වශයෙන් අනෙක්රා ජ්‍ය භාෂාව පිළිබඳ ප්‍රවීනතාවයක් සේවයට බැඳී වසර 05 ක් තුළ ලබා ගත යුතුය.
- පත්වීම් ලබන නිලධාරියා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝගවලට ද, ආයතන සංග්‍රහයේ විධිවිධානවලට ද, මුදල් රෙගුලාසිවලට ද, කාර්ය පරිපාටික රීතිවලට ද, රජය විසින් වරින්වර නිකුත් කරනු ලබන නියමයන් හා රෙගුලාසිවලටත් අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවේ රෙගුලාසිවලටත් යටත් වේ.
04. වැටුප් පරිමාණය :-
MN-3-2016 තාක්ෂණ නිලධාරි III රු. 31,040 - 10 ං 445 - 11 ං 660 - 10 ං 730 - 10 ං 750 - රු. 57,550 මෙම වැටුප් පරිමාණයේ රු. 31,040 - 10 ං 445 - 11 ං 660 - 10 ං 730 - 10 ං 750 - රු. 57,550 වැටුප් පියවරයන්මෙ ම ශ්‍රේණියට හිමිවේ. (වැටුප් ගෙවනු ලබන්නේ, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි උපලේඛන II හි සඳහන් පරිදිය) III ශ්‍රේණියේ නිලධාරීන් තුන්වන වැටුප් වර්ධකය ලැබීමට පෙර පළමුවන කාර්යක්ෂමතා කඩඉම සමත් විය යුතුය.
05. වයස් සීමාව :
අවම සීමාව - වයස අවුරුදු 18 ට නොඅඩු විය යුතුය.
උපරිම සීමාව - වයස අවුරුදු 30 ට නොවැඩි විය යුතුය.
06. අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් :
අධ්‍යාපන සුදුසුකම් :
සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණිතය, විද්‍යාව සහ තවත් එක් විෂයයකට සම්මාන සාමාර්ථ සහිතව එකවර විෂයයන් හයකින් (06) අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සමත් වී තිබීම.
සහ
ව්‍යවහාරික ගණිතය, ශුද්ධ ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය යන විෂයයන් අතරින්විෂයයන් දෙකක් සහිතව විද්‍යා/ගණිත විෂය ධාරාවන්ට අයත් විෂයයන් තුනකින් අ.පො.ස. (උසස් පෙළ) විභාගය එකවර සමත්වීම.
වෘත්තීය සුදුසුකම් :
මොරටුව විශ්වවිද්‍යාලයේ හෝ අම්පාර හාඩි ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික ඉංජිනේරු (සිවිල් ඉංජිනේරු ක්ෂේත්රය සඳහා) ඩිප්ලෝමාව
හෝ
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත ආයතනයක් විසින් පිරිනමනු ලබන ජාතික උසස්ඉං ජිනේරු (සිවිල් ඉංජිනේරු ක්ෂේත්රය සඳහා) ඩිප්ලෝමාව
හෝ
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන තාක්ෂණ ඩිප්ලෝමාව
හෝ
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පවත්වනු ලබන ඉංජිනේරු විභාගයේ පළවන කොටස (සිවිල් ඉංජිනේරු ක්ෂේත්රය සඳහා) සාර්ථකව සම්පූර්ණ කිරීම
හෝ
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඉහත සඳහන් තාක්ෂණ සහතික නිකුත් කරන ලද ආයතනවලින් විමසා අදහස්ල බා ගැනීමෙන් අනතුරුව ඉහත සඳහන් තාක්ෂණ සුදුසුකම්වලට සියලූ අතින් සමාන යැයි ශ්‍රී ලංකා තාක්ෂණ සේවා මණ්ඩලය විසින් පිළිගනු ලබන වෙනත් තාක්ෂණික සුදුසුකම් ලබා තිබීම.
කායික සුදුසුකම් :
මනා ශරීර සෞඛ්‍ය තත්වයකින් හා විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතු අතර, මනා ශරීර සෞඛ්‍ය තත්වය වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් මගින් සනාථ විය යුතු ය.
වෙනත් සුදුසුකම් :
- ශ්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතුය.
- විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුය.
- සේවයට බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති ලෙසට පිළිගනු ලබන්නේ, අයදුම්කරු අදාළ සියලූ සුදුසුකම් හා නියමිත වයස් සීමාව අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන්ක රනු ලබන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබෙන්නේ නම් පමණි.
07. බඳවා ගැනීමේ ක්‍රමය :
සියලූ බඳවා ගැනීම්, අදාළ චක්‍රලේඛ උපදෙස් අනුව හා ශ්‍රී ලංකා තාක්ෂණ සේවා ව්‍යවස්ථාවට අදාළව සිදු කෙරේ. විවෘත තරග විභාගය සඳහා නියමිත සෑම ප්‍රශ්න පත්‍රයක ම 40% ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගත්අ පේකෂකයින් කුසලතා අනුපිළිවෙල මත සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබේ. සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු
දීම සිදු නොකරන අතර, සුදුසුකම් තහවුරු කළ අයදුම්කරුවන් විභාගයේදී ලබාගත් මුළු ලකුණුවල කුසලතා අනුපිළිවෙල මත බඳවා ගැනීම සිදුකරනු ලැබේ.
08. විභාගය :
මෙම විභාගය ලිඛිත ප්‍රශ්න පත්‍ර 02 කින් සමන්විතය.
- මෙම විභාගය සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ.
- අපේක්ෂකයින් කැමති භාෂාවකින් විභාගයට පෙනී සිටිය හැකි අතර, විභාගයේදී පෙනී සිටින සියලූම ප්‍රශ්න පත්‍ර වලට එකම භාෂාවකින් පිළිතුරු දිය යුතුය.
- ඉල්ලීම් කරන ලද භාෂා මාධ්‍ය විභාගයේ දී වෙනස් කිරීමට අවසර දෙනු නොලැබේ.
- විභාග ගාස්තුව රු. 400 සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් නමට නිකුත් කරන ලද පේරාදෙණිය, තැපැල් කාර්යාලයෙන්මු දල් කර ගත හැකි වනසේ දිවයිනේ ඕනෑම තැපැල් කාර්යාලයකින් ලබාගත් මුදල් ඇණවුමක් ඉල්ලූම්පත්රයේ නියමිත ස්ථානයේ ඇලවිය යුතුය.
- විෂය නිර්දේශය :
- බුද්ධි පරීක්ෂණය : කාලය පැය 1 යි. මුළු ලකුණු 100 යි අපේක්ෂකයාගේ සිතීමේ තර්කානුකුලතාවයත්, ඔහුගේ සිතීමේ විශ්ලේෂණ තත්ත්වයත්, තීරණය කිරීමේ ශක්තියක් විනිශ්චය කිරීම සඳහා වූ ප්‍රශ්න වලින් යුක්තය.
- පොදු පරීක්ෂණය (තාක්ෂණ හා විෂයානුබද්ධ පරීක්ෂණය* : කාලය පැය 1 යි. මුළු ලකුණු 100 යි
පහත දැක්වෙන විෂයයන්ගෙන් සමන්විත ප්‍රශ්න පත්රයකි.
- මැනීම සහ මට්ටම් ගැනීම :
- දම්වැල් ගැනීම මට්ටම් ගැනීම
- තියොඩලයිට්ටුව භාවිතය පිළිබඳ දැනුම තල මේස මැනුම් පිළිබඳ දැනුම
- ගොඩනැගිලි ද්‍රව්‍ය :සිමෙන්ති, හුණුවැලි, ගල් තීන්ත වර්ග, වාර්නිෂ් වර්ග, ප්ලාස්ටික් සහ වීදුරු, ගොඩනැගිලි ද්‍රව්‍ය වශයෙන්යො දා ගනු ලබන හොඳ තත්වයේ දැව හඳුනා ගැනීමේ දැනුම
- ගොඩනැගිලි ඉදි කිරීම හා ඇස්තමේන්තු පිළියෙල කිරීම :අත ්ත ිවාරම් බිත ්ත ි බැඳීම, දැවවහලය, යකඩ කාප ්ප, ක ුළුණ ු, කොන ්ක ්‍ර ීට් තලාද සහ කොන ්ක ්‍ර ීට්කු ළුණු/අත්තිවාරම්/තට්ටු/තරප්පු ආදිය යොදනු ලබන ආකාරය සහ යොදනු ලබන අවස්ථා මිනුම් ලබා ගැනීම, ඇස්තමේන්තු පිළියෙල කිරීම, ඉදි කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ප්රමාණයන්සහ කම්කරුවන් සංඛ්‍යාව ඇස්තමේන්තු කිරීම.
- ව්‍යුහ නම්‍යතා/ව්‍යාපෘති බල සටහන
- සේවාවන් - විදුලි, ජල, සනීපාරක්ෂක
09. ඉල්ලූම් කිරීමේ ක්‍රමය :-
ඉල්ලූම් පත්‍රය මෙම නිවේදනය සමඟ ඇති ආදර්ශ ආකෘතියට අනුකුල විය යුතුය.
8 1/2 ං 12 (එ් 4* ප්‍රමාණයේ කඩදාසියක දෙපැත්තම ප්‍රයෝජනයට ගනිමින් සකස් කරගත් ඉල්ලූම්පත්රය 2019.03.08 දිනට පෙර අධ්යක්ෂ ජනරාල්, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, තැ.පෙ. 13, ගැටඹේ, පේරාදෙණිය යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ඉල්ලූම්පත්ර බහාලන කවරයේ වම්පස ඉහල කෙළවරේ ‘‘තාක්ෂණ නිලධාරී IIIශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගය’’ යනුවෙන් පැහැදිලිව සටහන් කළ යුතුය. මෙදිනට පසුව ලැබෙන ඉල්ලූම්පත්ර ප්‍රතික්ෂේප කරනු ලැබේ.
සටහන :
- රජයේ සේවයේ නියුක්ත අයදුම්කරුවන් ස්වකීය ඉල්ලූම්පත්රය තම දෙපාර්තමේන්තු ප්‍රධානීන්/ආයතන ප්‍රධානියා මගින් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.
- සෑම ආකාරයකින්ම සම්පූර්ණ වී නැති ඉල්ලූම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. තැපැල් කිරීමේදී ඉල්ලූම්පත්ර නැතිවීම හෝ ප්‍රමාද වීම සම්බන්ධව කෙරෙන කිසිම පැමිණිල්ලක් භාරගනු නොලැබේ.
- ඉල්ලූම්පත්ර ලද බව දන්වනු නොලැබේ. විභාගය පැවැත්වෙන දිනය පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කරනු ලැබේ. ඉල්ලූම්කරුවන්ට විභාග ප්‍රවේශපත්‍රය විභාගය පැවැත්වෙන දිනයට දින හතරකට කලින් නොලැබුනහොත් පහත සඳහන් විස්තර ඇතිව වහාම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්ට දැන්විය යුතුය.
- අපේක්ෂකයාගේ සම්පූර්ණ නම :
- ලිපිනය :
- ඉල්ලූම්පත් තැපැල් කිරීමේ දිනය, ලියාපදිංචි අංකය, තැපැල් කාර්යාලය :
10. අයදුම්කරුවන් විසින් පහත සඳහන් සහතිකවල ඡුායා පිටපත් අයදුම්පත්‍රයට අමුණා එවිය යුතුය. :-
- උප්පැන්න සහතිකය
- අධ්‍යාපන/වෘත්තීය සුදුසුකම් තහවුරු කිරීමේ සහතික
අපේක්ෂකයාගේ අනන්‍යතාවය :
විභාගයට පෙනී සිටින සෑම අයදුම්කරුවෙක්ම විභාග ශාලාවේදී තමාගේ අනන්‍යතාව විභාග ශාලාධිපති සෑහීමකට පත්වන අයුරින් ඔප්පු කර සිටිය යුතුය. එ් සඳහා පහත ලේඛණ පිළිගැනේ.
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් නිකුත් කරන ලද හැඳුනුම්පත්‍රය
- වලංගු විදේශ ගමන් බලපත්‍රය. (විභාග දිනට අවුරුදු 3 කට කලින් නිකුත් කරන ලද*
සාවද්‍ය තොරතුරු සැපයීම :-
මෙම විභාගයට ඉදිරිපත් වීම සඳහා යම් අපේක්ෂකයෙකුට සුදුසුකම් නොමැති බව අනාවරණය වුවහොත් විභාග යට පෙර හෝ විභාගය පැවැත්වෙන අතරතුර හෝ විභාගයෙන් පසුව හෝ ඕනෑම අවස්ථාවක හෝ ඔහුගේ අපේක්ෂකත්වය අවලංගු කිරීමට හැකි වන්නේය. අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ කිසියම් තොරතුරක් සාවද්‍ය බව
දැන දැන ඉදිරිපත් කළ බව පෙනී ගිය හොත් ඔහු සේවයෙන් පහ කිරීමට යටත් වන්නේය.
මෙම ගැසට් පත්‍රයේ 03 වන ෙඡ්දයේ ප්‍රකාශිත රාජ්‍ය සේවයට පත් කිරීමට අදාලවන පොදු කොන්දේසි කෙරෙහි හා විභාග අපේක්ෂකයින් සඳහා නීති හා උපදෙස් කෙරෙහි අවධානය යොමු කර එ්වා පිළිපැදිය යුතුය.
11. මෙම ගැසට් නිවේදනයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පාඨ අතර යම් පරස්පරතාවයක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බල පැවැවිය යුතු වන්නේය.
12. මෙම ගැසට් නිවේදනයේ සඳහන් නොවන යම් කරුණක් ගැන ගැටලූවක් මතු වුවහොත් එ් සම්බන්ධයෙන්තී රණයක් ගැනීමේ බලය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් සතුවේ. එය අවසන් තීරණය වේ.
වෛද්‍ය කේ. ඞී. ආරියපාල,
සත්ත්ව නිෂ්පාදන හා
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් (රා. ආ.*
2019 ජනවාරි 29 වැනි දින,
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,
පේරාදෙණිය.
GazetteS19-02-15
Post a Comment