රාජ්‍ය සේවා කොමිෂන් සභාව කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ශ‍්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ III වන ශ්‍රේණියේ පශු වෛද්‍ය නිලධාරි තනතුරු සඳහා බඳවා ගැනීම - 2019


රාජ්‍ය සේවා කොමිෂන් සභාව 

කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය 

ශ‍්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ III වන ශ්‍රේණියේ පශු වෛද්‍ය නිලධාරි තනතුරු සඳහා බඳවා ගැනීම - 2019

ශ‍්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ III වන ශ්‍රේණියේ පශු වෛද්‍ය නිලධාරි තනතුරු එකසිය එකොළහක් (111) සඳහා පත්කිරීමට සුදුස්සන් තෝරා ගැනීම සඳහා පශු වෛද විද්‍යා උපාධිධාරින්ගෙන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි අයදුම්පත් කැඳවනු ලැබේ. මෙම නිවේදනය අවසානයේ ඇති ආදර්ශ ආකෘතිය අනුව පිළියෙල කරන ලද අයදුම්පත් පහත සඳහන් දිනට හෝ ඊට පෙර

අධ්‍යක්ෂ ජනරාල්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, තැ.පෙ. 13, ගැටඹේ, පේරාදෙණිය 

යන ලිපිනය වෙත ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. කවරයේ වම්පස උඩ
කෙළවරේ, ‘‘ශ‍්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ III වන ශ්‍රේණියේ පශු වෛද්‍ය නිලධාරී තනතුර’’ යනුවෙන්පැ හැදිලිව සටහන් කල යුතුය.

  • අයදුම්පත් කැඳවන අවසාන දිනය 2019.03.22 වේ.

සටහන : ඉල්ලූම් පත‍්‍රයක් හෝ එ් සම්බන්ධිත ලිපියක් තැපෑලේදී නැති වූ බවට හෝ ප‍්‍රමාද වූ බවට කෙරෙන පැමිණිලි ගැන සලකා බැලිය හැකි නොවේ. අවසාන දිනය දක්වා ඉල්ලූම්පත‍්‍ර ප‍්‍රමාද කිරීමෙන් සිදුවිය හැකි අලාභහානි අයදුම්කරුවන්වි සින් දැරිය යුතුය. මුලික සුදුසුකම් සපුරා නොමැති අයදුම්කරුවන්ගේ ඉල්ලූම්පත‍්‍ර ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.

1. සේවයට බඳවා ගැනීමේ ක‍්‍රමය :

(I) පශු වෛද්‍ය නිලධාරී තනතුරුවල පවතින පුරප්පාඩු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පිඨය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලබන කුසලතා ලේඛනය මත බඳවා ගනු ලබනවා ඇත. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් වෙනත් විශ්වවිද්‍යාලයකින් පශු වෛද්‍ය උපාධි සුදුසුකම් ලබා ගන්නා අයදුම්කරුවන් ශ‍්‍රී ලංකා පශු වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා සුදුසුකම් සම්පූර්ණ කරනු ලබන වසරට
අදාළව ලියාපදිංචි දිනය අනුව අනුපිළිවෙලින්, කුසලතා ලේඛනයේ අවසානයට ඇතුළත් කරනු ඇත.

(II) පුරප්පාඩු සංඛ්‍යාවෙන් සියයට එක්සිය දහයක (110%)කට සමාන අයදුම්කරුවන් සංඛ්‍යාවක් සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන අතර, කුසලතා ලේඛනයේ අනුපිළිවෙල අනුව පුරප්පාඩු සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් බඳවා ගැනීම සිදු කෙරේ. සම්මුඛ පරීක්‍ෂණය ස`දහා ලකුණු ලබාදීමක් සිදු නොකෙරේ.

(III) පත් කරනු ලබන සංඛ්‍යාව හා පත්වීම ක‍්‍රියාත්මක වන දිනය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝගය අනුව තීරණය කරනු ලැබේ.

2. සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි :

(I) මෙම තනතුර ස්ථිරය. විශ‍්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේ දී ගනු ලබන ප‍්‍රතිපත්තිමය තීරණයට ඔබ යටත් විය යුතු වේ
.
(II) තෝරාගනු ලබන අයදුම්කරුවන් ශ‍්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවාවේ පශු වෛද්‍ය නිලධාරි තනතුරක පුරප්පාඩු පිරවීම සඳහා පත් කරනු ලැබේ.

(III) රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 1/2014 අනුව හා ඊට අනුශාංගික චක‍්‍රලේඛ අනුව අදාළ මට්ටමේ භාෂා ප‍්‍රවීණතාවයක් ලබාගත යුතුවේ. රාජ්‍ය භාෂාවක් නොවන භාෂා මාධ්‍යයෙන් සේවයට පත් කිරීමට සුදුසුකම්ලැ බූ නිලධාරියෙකු තනතුරෙහි ස්ථිර කිරීමට පෙර රාජ්‍ය භාෂාවක ෂෂෂ මට්ටමේ ප‍්‍රවීණතාවයක් ලබා ගත යුතු වේ.

(IV) සෙසු සේවා නියමයන් සහ සේවා කොන්දේසි 2013.12.13 දින දරන ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත‍්‍රයේ පළ කරන ලද ශ‍්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා ව්‍යවස්ථා සංග‍්‍රහයේ හා වරින්වර නිකුත් කරන ලද සංශෝධන නියමයන්වලට ද, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පරිපාටික රීතිවලට ද, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග‍්‍රහයට ද, රජයේ මුදල් රෙගුලාසිවලට ද, දෙපාර්තමේන්තුගත අනෙකුත් නියෝගවලට ද මෙම පත්වීම යටත් වේ.

3. වැටුප් පරිමාණය :

 2016.02.25 දිනැති අංක 03/2016 දරන රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයේ උපලේඛන ෂ අනුව මෙම තනතුරට අදාළ මාසික වැටුප් පරිමාණය රු. 47,615 - 10 ං 1335 - 8 ං 1630 - 17 ං 2170-රු. 110,895 (ීඛ-1-2016* වේ. ඔබට වැටුප්ගෙ වනු ලබන්නේ එම චක‍්‍රලේඛයේ විධිවිධානවලට අනුකූලව එහි උපලේඛන ෂෂ හි සඳහන් පරිදි වේ.

4. අධ්‍යාපන සුදුසුකම් :

 විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක්

5. වයස් සීමාව :

 අයදුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 21ට නොඅඩු විය යුතු අතර, උපරිම වයස අවුරුදු 35ට නොවැඩි විය යුතුය.

6. කායික සුදුසුකම් :

(I) සෑම අපේක්ෂකයෙකුම ශ‍්‍රී ලංකාවේ  ඕනෑම ප‍්‍රදේශයක සේවය කිරීමටත්,
(II) තනතුරෙහි රාජකාරි ඉටු කිරීමට ප‍්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතු අතර, මනා ශරීර සෞඛ්‍ය තත්වය වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් මගින් සනාථ විය යුතුය.

7. වෙනත් සුදුසුකම් :


  1. අයදුම්කරුවන් ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතුය.
  2. අයදුම්කරුවන් විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුය.
  3. අයදුම්පත් කැඳවීමේ අවසන් දිනට, ශ‍්‍රී ලංකා පශු වෛද්‍ය සභාවේ ලියාපදිංචිය තිබීම ඇතුළුව මෙම තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියලූම සුදුසුකම් සෑම ආකාරයෙන්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

8. සම්මුඛ පරීක්ෂණය :

8.1 සාමාන්‍ය සම්මුඛ පරීක්‍ෂණය : (ලකුණු ලබා දෙනු නොලැබේ.)

8.2 ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණු : බඳවා ගැනීමේ පරිපාටි හා ඊට අනුකූලව ප‍්‍රසිද්ධ කරනු ලබන නිවේදනයේ සඳහන් සුදුසුකම් සපුරා තිබේදැයි පරීක්ෂා කිරීම හා කායික යෝග්‍යතාවය පරීක්ෂා කිරීම.

9. ඉල්ලූම් කිරීමේ ක‍්‍රමය :

  1. ඉල්ලූම්පත‍්‍රය සෙ. මි. 22-29 ප‍්‍රමාණයේ ්4 කඩදාසියේ දෙපැත්තම ප‍්‍රයෝජනයට ගනිමින් ආදර්ශ අයදුම්පත්අනුව සකස් කළ යුතුය.
  2. සම්මුඛ පරීක්ෂණය සඳහා දැනුම් දුන් විට පහත සඳහන් ලියවිලිවල මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය.


  • උප්පැන්න සහතිකය ;
  • උපාධිය හා අදාළ වෙනත් සහතික ;
  • මෑතක දී ලබාගත් චරිත සහතික දෙකක් (මින් එකක් පදිංචි ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිගෙන් ලබාගත් හා ප‍්‍රාදේශීය ලේකම් විසින් සහතික කළ යුතුය);
  • සිංහල/දෙමළ හා ඉංග‍්‍රීසි භාෂාවන්ගෙන් සමත් වූ උසස්ම විභාගවල සහතික ;
  • පශු වෛද්‍යවරයෙකු වශයෙන් ශ‍්‍රී ලංකා පශු වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමේ සහතිකය.

10. වෙනත් විධිවිධාන :


  1. මෙම ගැසට් නිවේදනයේ විධිවිධාන පනවා නොමැති කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු වනු ඇත.
  2. පුරප්පාඩු පිරවීම, නොපිරවීම හෝ කොටසක් පමණක් පිරවීම පිළිබඳ අවසාන තීරණය රාජ්‍ය සේවා කොමිෂන්ස භාව සතු වේ.
  3. මෙම ගැසට් නිවේදනය සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා පාඨ අතර යම් අනනුකූලතාවයක් ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨ බල පැවැත්විය යුතුය.
  4. අපේක්ෂකයෙකුට සුදුසුකම් නොමැති බව අනාවරණය වුවහොත් ඔහුගේ අපේක්ෂකත්වය අවලංගු වනු ඇත.
  5. අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ඇති කිසියම් කරුණක් සාවද්‍ය බව දැන දැනම ඉදිරිපත් කර ඇති බව හෙළිවුවහොත්, එසේ නැත්නම් යම් වැදගත් කරුණක් ඔහු/ඇය  ඕනෑකමින් යටපත් කර ඇතිනම් ඔහු/ඇය සේවයෙන් පහ කිරීමට ඉඩ ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි,
කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර,
ලේකම්.
කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,
වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය.

2019 ජනවාරි මස 30 වැනි දින.



Gazette 19-02-15

No comments