රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව නීති නිලධාරි (විධායක සේවා ගණයේ III ශ්‍රේණියේ) තනතුර සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
- ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
- නීති නිලධාරි (විධායක සේවා ගණයේ III ශ්‍රේණියේ) තනතුර සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ නීති නිලධාරි තනතුර සඳහා පහත සඳහන් සුදුසුකම් ඇති ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන්අ යදුම්පත් කැඳවනු ලැබේ.
01. බඳවා ගැනීමේ ක්‍රමය :
නිවේදනයේ දක්වා ඇති සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන් අතුරින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත ඉහළම ලකුණු ලබා ගන්නා අපේක්ෂකයා පුරප්පාඩුව සඳහා බඳවා ගනු ලැබේ. එහිදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද (අංක 06 යටතේ සඳහන්) ලකුණු දීමේ පටිපාටියට අනුකූලව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලැබේ.
02. අවශ්‍ය සුදුසුකම් :
(I) අධ්‍යාපන/වෘත්තීය සුදුසුකම් :
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් නීතිය පිළිබඳ උපාධියක් ලබා තිබීම හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයකු වශයෙන් දිවුරුම් දී තිබීම.
(II) පළපුරුද්ද :
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීමෙන් අනතුරුව නීතිඥයෙකු වශයෙන් වසර 03 නොඅඩු සක්‍රිය වෘත්තීය පළපුරුද්දක් ලබා තිබීම.
(III) කායික සුදුසුකම් :
සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරී ඉටුකිරීමටත්ප් රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.
(IV) වෙනත් :
- ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය,
- අයදුම්කරුවන් විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුය,
- අයදුම්පත් කැඳවන අවසන් දිනට තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.
03. සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි හා සේවා කොන්දේසි :
- මෙම තනතුර ස්ථිරය.
- මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේ දී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ. තව ද, ඔබ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතු ය. රජය මගින් විටින්විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් එ් සඳහා දායක මුදල් ගෙවිය යුතු ය.
- පත්වීම අවුරුදු 03 ක පරිවාස කාලයකට යටත්ය. නීති නිලධාරි ෂෂෂ වන ශ්‍රේණියට බඳවාගෙන වසර 03 ක් ඇතුළත බඳවා ගැනීමේ පටිපාටියේ සඳහන් පරිදි පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් විය යුතුය.
- 2014.01.21 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 01/2014 ට හා ඊට අනුෂාංගික චක්‍රලේඛ අනුව අදාළ මට්ටමේ භාෂා ප්‍රවීණතාව තනතුරට බැඳී වසර 5 ක් ඇතුළත ලබා ගත යුතුය.
- රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීතිවලට ද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේආයතන සංග්‍රහයට ද, රජයේ මුදල් රෙගුලාසිවලට ද, දෙපාර්තමේන්තුගත අනෙකුත් නියෝග වලට ද මෙම පත්වීම යටත් වේ.
04. වයස් සීමාව :
ඉල්ලූම්කරුවන් ඉල්ලූම්පත් භාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 21 ට නොඅඩු විය යුතු අතර, අවුරුදු 45ට නොවැඩි විය යුතුය.
05. වැටුප් පරිමාණය :
2016.02.25 දිනැති අංක 03/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ උපලේඛන 1 අනුව මෙම තනතුරට අදාල මාසික වැටුප් පරිමාණය රු. 47,615 - 10 ං 1, 335 - 8 ං 1,630 - 17 ං 2,170 -රු. 110,895 (ීඛ-1-2016* වේ. ඔබට වැටුප් ගෙවනු ලබන්නේ එම චක්‍රලේඛයේ විධිවිධානවලට අනුකුලව එහි උපලේඛන ෂෂ හි සඳහන් පරිදි වේ.
06. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා පහත සඳහන් ලකුණු පටිපාටිය පදනම් කරගනු ලැබේ.
07. අපේක්ෂකයින්ගේ අනන්‍යතාවය :
ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන්නේ සෑම ආකාරයකින්ම සම්පූර්ණ අයදුම්පත් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් පමණි. සම්මුඛ පරීක්ෂණයේදී සියලූම සහතිකවල මුල්පිටපත් හා නිසි පරිදි සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කළ යුතුය.
සම්මුඛ පරීක්ෂණයේ දී තමන්ගේ අනන්‍යතාව සහතික කිරීම සඳහා පහත සඳහන් අනන්‍යතා පත්‍ර පිළිගනු ලැබේ.
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්‍රය
- වලංගු විදේශ ගමන් බලපත්‍රය
08. අයදුම්පත් ඉදිරිපත් කිරීම :
- අයදුම්පත් 2019.03.08 දිනට හෝ එදිනට ප්‍රථම පහත ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත්ක ල යුතු වේ. එදිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.ලේකම්,ඉඩම් කොමසාරිස් ජනරාල්, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, අංක 1200/6, රජමල්වත්ත පාර, බත්තරමුල්ල.
- අයදුම්පත බහාලන කවරයේ ඉහළ වම් කෙළවරේ, ‘‘ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ නීති නිලධාරී තනතුර සඳහා අයදුම් කිරීම’’ යනුවෙන් සඳහන් කළ යුතුය.
- අයදුම්පත ්රයෙ ් අපෙ ්ක ්ෂකය ාගෙ ් අත ්සන රජයෙ ් විදුහලක විදුහල ්පත ිවරයෙක ු /ස ාමද ාන වින ිශ ්චයකාරවරයෙක ු/දිව ුරුම් කොමසාරිස ්වරයෙක ු/න ීත ිඥවරයෙක ු/ප ්රස ිද ්ධ නොතාරිස ්වරයෙක ු/ත ්‍ර ිවිධ හමුදාවේ අධිකාරී ලත් නිලධාරියෙකු/පොලිස් සේවයේ ගැසට් කළ තනතුරක් දරන නිලධාරියෙකු හෝ රු. 47,615 කට වැඩි මාසික එ්කාබද්ධ වැටුපක් ලබන රජයේ ස්ථිර තනතුරක් දරන නිලධාරියෙකු විසින් සහතිකකළ යුතුය.
- දැනට රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත නිලධාරීන් තම අයදුම්පත් තමන් සේවය කරන දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් ඉදිරිපත් කළ යුතුය.
- ඉදිරිපත් කල යුතු අයදුම්පත්‍රයේ ආදර්ශ ආකෘතියක් මෙම නිවේදනය අවසානයේ දැක්වේ. අයදුම්කරුවන්ඔ වුන්ගේ අයදුම්පත් ්4 ප්‍රමාණයේ කඩදාසියක සකස් කර මුල් පිටු අංක 01 සිට 08 දක්වාත් දෙවන පිටුව අංක 09 සිට 13 දක්වාත් තෙවන පිටුව 14 සිට 15.2 දක්වාත් වන ආකාරයෙන් පිළියෙල කර තමාගේ අත්අකුරින් සම්පූර්ණ කළ යුතුය.
09. සාවද්‍ය තොරතුරු සැපයීම :
ඔබ විසින් එවන ලද අයදුම්පත්‍රයේ සඳහන් කර ඇත්තාවූ යම් තොරතුරක් අසත්‍ය හෝ වැරදි බව බඳවා ගැනීමට පෙර අනාවරණය වුවහොත් ඔබගේ අපේක්ෂකත්වය අවලංගු කරනු ලැබේ. එබඳු අසත්‍ය හෝ වැරදි තොරතුරක්බ ඳවා ගැනීමෙන් පසුව අනාවරණය වුවහොත් ඊට අදාළ ක්‍රියා මාර්ගයන්ට යටත්ව සේවයෙන් පහ කිරීමට කටයුතු කරනු ලැබේ.
10. පුරප්පාඩු පිරවීම හෝ නොපිරවීමේ අයිතිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතුවේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි,
ලේකම්,
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය,
බත්තරමුල්ල.
ආදර්ශ අයදුම්පත්‍රය
Gazette 19-02-08
Post a Comment