රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය - රජයේ භාෂා පරිවර්තක සේවයේ I වන පන්තියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014(2018)


රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය - රජයේ භාෂා පරිවර්තක සේවයේ I වන පන්තියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014(2018)

1994.07.26 දිනැති අංක 829/7 දරන ගැසට් පත‍්‍රයේ පළ කරන ලද භාෂා පරිවර්තක සේවය පිළිබඳ ව්‍යවස්ථා සංග‍්‍රහයේ 08 වන ෙඡ්දය යටතේ සලසා ඇති විධිවිධාන මත භාෂා පරිවර්තක සේවයේ ෂ වන පන්තියේ නිලධාරින් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාගයක්, විභාග කොමසාරිස් ජනරාල් විසින් 2019 අපේ‍්‍රල් මස කොළඹ දී පවත්වනු ලබන අතර, මෙම විභාගයට සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි යන භාෂා මාධ්‍යවලින් ඉදිරිපත් විය හැකිය. විභාගය සඳහා ඉල්ලූම් කරනු ලබන භාෂා මාධ්‍යය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ. මෙම නිවේදනයට අනුව අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම් කළහැක්කේ රාජ්‍ය සේවයේ එ්කාබද්ධ සේවයට අයත් නිලධාරීන්ට පමණි.
සටහන - මෙම ගැසට් නිවේදනයට සමගාමීව පළාත් රාජ්‍ය සේවයේ භාෂා පරිවර්තක සේවයේ අයදුම්කරුවන් වෙනුවෙන් වන විධිවිධාන අදාල පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා මඟින් ද අනෙකුත් අදාළ ආයතනවල අයදුම්කරුවන් වෙනුවෙන් වන විධිවිධාන එම ආයතන මඟින් ද නිකුත් කරනු ඇත. එ් එ් පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් සහ මෙම විභාගයට අයදුම්කරන අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ අයදුම්පත් වෙන්කර ගැනීමේ පහසුව සඳහා අයදුම්පතේ ශීර්ෂයේ අද ාළ සේවාව හෝ ආයතනය දැක්වීමේදී සංකේත අංකයක් ඇතුළත් කළ යුතු වේ. එ් අනුව එ්කාබද්ධ සේවයට අයත් නිලධාරීන්ගේ සංකේත අංකය 10 වේ. එම අංකය අයදුම්පතේ දකුණු පස ඉහළ ඔබ අයත් සේවය යන ස්ථානයේ සටහන් කළ යුතුය.

02. මෙම විභාගය සඳහා ඉල්ලූම් කිරීමේ ආදර්ශ අයදුම්පතක් මෙම නිවේදනය අවසානයේ පළකර ඇත. නිවැරදිව හා පැහැදිලිව පිළියෙල කරනු ලබන අයදුම්පත් තම දෙපාර්තමේන්තු ප‍්‍රධානියා මගින් 2019 පෙබරවාරි මස 18 වැනි දින හෝ
ඊට ප‍්‍රථම විභාග කොමසාරිස් ජනරාල්, සංවිධාන (ආයතනික හා විදේශ විභාග) ශාඛාව, ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ. පෙ. 1503, කොළඹ වෙත ලැබෙන ලෙස ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් විභාග කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කරන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ විභාගයේ නම සඳහන් විය යුතුය. අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනට පසුව ලැබෙන අයදුම්පත් ප‍්‍රතික්ෂේප කරනු ඇත.

03.(ස) අයදුම්පතේ ශීර්ෂ අංක 1.0 සිට 5.2 තෙක් පළමුවන පිටුවට ද, ඉතිරිය දෙවන පිටුවට ද, වන ලෙස ගෙන අයදුම්පත ‘‘එ්4’’ ප‍්‍රමාණයේ කඩදාසියක දෙපැත්තම ප‍්‍රයෝජනයට ගනිමින් පිළියෙල කර ගත යුතුය. අයදුම්පත යතුරු ලියනය කර පිළියෙල කර ගත හැකි වුව ද, එය අයදුම්කරුගේ අත් අකුරින්ම පිරවිය යුතුය. ආදර්ශ අයදුම්පතට අනුකූළ නොවන සහ අසම්පූර්ණ ලෙස තොරතුරු සඳහන් කර ඇති අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප‍්‍රතික්ෂේප කරනු ලැබේ. අයදුම්පතේ ඡුායා පිටපතක් ළඟ තබා ගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇත.

(සස) රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියේ පරමාර්ථයන් සඳහා සියලූම අයදුම්කරුවන් විසින් තමන්ගේ අයදුම්පත් රාජ්‍ය භාෂාවෙන් ම පිළියෙල කළ යුතු අතර එ්වා එම භාෂාවෙන් ම පිරවිය යුතුය. විභාග අයදුම්පතේ ශීර්ෂයේ සඳහන් විභාගයේ නම සිංහල අයදුම්පත්වල සිංහලට අමතරව ඉංග‍්‍රීසියෙන් ද, දෙමළ අයදුම්පත්වල දෙමළට අමතරව ඉංග‍්‍රීසියෙන්
ද සඳහන් කරන්න.

04. විෂය නිර්දේශය හා විභාග පරිපාටිය :
පළමුවන විෂයය :- ප‍්‍රශ්න පත‍්‍ර අංක 01

(ස) පොදු වැදගත්කමක් ඇති පාඨයකින්,

(සස) (අ) නිල ලේඛනයකින් හෝ වාර්තාවකින් හෝ උපුටාගත් කොටසක් : සහ
(ආ) පුවත්පත් ලිපියකින් හෝ වාර්තාවකින් උපුටාගත් කොටසක්,
අයදුම්කරුවන් තම භාෂා පරිවර්තන මාධ්‍යයන් අනුව තෝරා ගත් පහත සඳහන් ආකාරවලින්එකක් අනුව පරිවර්තනය කිරීම.

(ස) සිංහලෙන් දෙමළ බසට

(සස) සිංහලෙන් ඉංග‍්‍රීසියට

(සසස) දෙමළ බසින් ඉංග‍්‍රීසියට ලකුණු 100 යි- පැය 3 ක ප‍්‍රශ්න පත‍්‍ර එකකි.
දෙවන විෂය : ප‍්‍රශ්න පත‍්‍ර අංක 02

(ස) පොදු වැදගත්කමක් ඇති පාඨයකින්,
(සස) (අ) නිල ලේඛනයකින් හෝ වාර්තාවකින් හෝ උපුටාගත් කොටසක් : සහ
(ආ) පුවත්පත් ලිපියකින් සහ වාර්තාවකින් උපුටාගත් කොටසක්අ යදුම්කරුවන් තම භාෂා පරිවර්තන මාධ්‍යයන් අනුව තෝරා ගත් පහත සඳහන් ආකාරවලින් එකක් අනුව පරිවර්තනය කිරීම

(ස) දෙමළ බසින් සිංහලට
(සස) ඉංග‍්‍රීසියෙන් සිංහලට
(සසස) ඉංග‍්‍රීසියෙන් දෙමළ බසට

ලකුණු 100 යි-පැය 3 ක ප‍්‍රශ්න පත‍්‍ර එකකි.
ෆ සාමාර්ථය සඳහා එක් එක් ප‍්‍රශ්න පත‍්‍රයකින් ලකුණු සියයට හතළිහක් (40%) ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත
යුතුය.

05. අපේක්ෂකයන්ගේ අත් අකුරු පිළිබඳව සැලකිල්ලක් දක්වනු ලැබේ.

06. විභාග ගාස්තු :-

මෙම විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් වෙනුවෙන් පහත සඳහන් පදනම මත ගාස්තු අය කරනු ලැබේ.

(අ) පළමුවන වතාව සඳහා ගාස්තු අය නොකෙරේ.
(ආ) ඉන්පසු එක් වතාවක් සම්පූර්ණ විභාගය සඳහා රුපියල් 500 කි. එක් විෂයයක් සඳහා රුපියල් 200 කි.
(ඉ) විභාග ගාස්තුව විභාග කොමසාරිස් ජනරාල්ගේ ආදායම් ශීර්ෂ 2003-02-13 ට බැරවන ලෙස දිවයිනේ පිහිටි ඕනෑම තැපැල්/උප තැපැල් කාර්යාලයකට ගෙවා අයදුම්කරුගේ නමින්ම ලබාගත් ලදුපතක් අයදුම්පතේ නියමිත ස්ථානයේ ඇලවිය යුතුය. එම ලදුපතේ ඡුායා පිටපතක් ළඟ තබා ගැනීම සුදුසුය.
(ඊ) කුමන කරුණක් යටතේ වුව ද මෙම විභාග ගාස්තුව ආපසු ගෙවීමක් හෝ වෙනත් කිසිම විභාගයක් සඳහා මාරු කිරීමට හෝ ඉඩදෙනු නොලැබේ.

07. විභාගයට ඇතුළත් කර ගැනීම :

(ස) අයදුම්පත් ඉදිරිපත් කර ඇති සියලූම අපේක්ෂකයන්ට විභාග කොමසාරිස් ජනරාල් විසින් විභාග ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කරනු ලැබේ. විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් විභාග ශාලාධිපති වෙත ඔවුන්ගේ ප‍්‍රවේශ පත‍්‍ර අත්සන සහතික කරවා ගෙන ඉදිරිපත් කළ යුතුය. ප‍්‍රවේශ පත‍්‍ර නොමැතිව ඔවුන්ට විභාග ශාලාවට ඇතුළු වීමට හෝ විභාගයට පෙනී සිටීමට හෝ අවසර නොදෙනු ඇත. අයදුම්කරුවන් වෙත ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කළ වහාම එ් බව සඳහන් කරමින් නිවේදනයක් ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පුවත්පත්වල හා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ පළ කරනු ඇත. නිවේදනය පළ වී දින 2 ක් හෝ 3 ක් හෝ ගත වූ පසුවත් ප‍්‍රවේශ පත‍්‍රය නොලැබුණි නම් දැන්වීමේ සඳහන් ආකාරයට එ් බව ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දන්වා සිටිය යුතුය. ඔබ වෙත තබාගත් විභාග අයදුම්පතේ හා විභාග ගාස්තු ගෙවා ලබාගත් ලදුපතේ සහතික කළ පිටපතක්ද , අයදුම්පත එවීමේ ලිපිය ලියාපදිංචි කළ කුවිතාන්සිය ද, ප‍්‍රවේශ පත‍්‍රයේ පිටපතක් එවීම සඳහා ඔබගේ ෆැක්ස්අං කයක් ද සඳහන් කරන ලද ඔබගේ ඉල්ලීම් ලිපිය ද විභාග දෙපාර්තමේන්තුව වෙත ෆැක්ස් මඟින් යොමු කිරීම වඩාත් ඵලදායී වනු ඇත.
(සස) එක් එක් අපේක්ෂකයා වෙත ප‍්‍රවේශ පත‍්‍රය සමග කාලසටහනක් ද නිකුත් කරනු ලැබේ.
(සසස) විභාග පැවැත්වීම පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවා ඇති නීතිරීති වලට අපේක්ෂකයින් බැඳී සිටිය යුතුය. මෙම නීති උල්ලංඝනය කළහොත් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන  ඕනෑම දඬුවමකට යටත් වීමට ඔවුනට සිදුවෙනවා ඇත.
(සඩ) අපේක්ෂකයින් සඳහා පනවා ඇති නීතිරීති මෙම ගැසට් පත‍්‍රය ආරම්භයේ මුද්‍රණය කර ඇත.

සටහන.-අයදුම්කරුවකු වෙත විභාගයට පෙනී සිටීම සඳහා ප‍්‍රවේශ පත‍්‍රයක් නිකුත් කරනු ලැබීම, මෙම විභාගයට ඉදිරිපත්වීම සඳහා අයදුම්කරු සපුරාලිය යුතු සුදුසුකම් පිළිගැනීමක් ලෙස නොසැලකිය යුතුය.

08. විභාග කොමසාරිස් ජනරාල් විසින් ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කර ඇති විභාග අපේක්ෂකයින්ට විභාගයට පෙනී සිටීමට හැකිවන පරිදි දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් විසින් රාජකාරි නිවාඩු දිය යුතුය. ගමන් ගාස්තු ගෙවනු නොලැබේ.

09. අපේක්ෂකයින්ගේ අනන්‍යතාවය : අපේක්ෂකයන්/ අපේක්ෂිකාවන්, විභාග ශාලාව තුළ දී තමන් පෙනී සිටින සෑම විෂයයක් පාසාම විභාග ශාලාධිපතිට ස්වකීය අනන්‍යතාව ඔප්පු කළ යුතුය. එ් සඳහා පහත දැක්වෙන ලියවිලි අතුරෙන් කුමක් වුවත් භාරගනු ලැබේ.
 (අ) ජාතික හැඳුනුම්පත
 (ආ) වලංගු විදේශ ගමන් බලපත‍්‍රය
 (ඇ) වලංගු රියදුරු බලපත‍්‍රය

තම ප‍්‍රවේශ පත‍්‍රයට අමතරව ඉහත සඳහන් ලියවිල්ලක් ඉදිරිපත් කළ නොහැකි අයදුම්කරුවකුගේ අපේක්ෂකත්වය විභාග කොමසාරිස් ජනරාල්ගේ අභිමතය පරිදි අවලංගු කළ හැකිය.

10. ප‍්‍රතිඵල නිකුත් කිරීම.- විභාග ප‍්‍රතිඵල විභාග කොමසාරිස් ජනරාල් විසින් එ්කාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත නිකුත් කරන අතර අයදුම්කරුවන්ගේ ප‍්‍රතිඵල රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළn කිරීමට කටයුතු කරනු ඇත.

11. මෙම විභාග නිවේදනයේ විධිවිධාන සළසා නොමැති කවර කරුණක් පිළිබඳව වුව ද එ්කාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ තීරණය අවසාන තීරණය වන්නේය.

12.‘‘සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍යයන්ගෙන් පළවන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් නොගැලපීමක් හෝ අනනුකූලතාවයක් ඇති බව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවක සිංහල මාධ්‍ය නිවේදනය අනුව කටයුතු කරනු ලැබේ.’’
කේ. වී. පී. එම්. ජේ. ගමගේ,
එ්කාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්.
2019 ජනවාරි මස 03 වැනි දින,
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය,
නිදහස් චතුරශ‍්‍රය, කොළඹ 07.



No comments