ශ‍්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ තනතුරු (තාවකාලික)





ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවත්නා ශ‍්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ විධායක සේවා ගණයට අයත් අධ්‍යක්ෂ තනතුරුවල (තාවකාලික) පවතින පුරප්පාඩු 03 පිරවීම සඳහා මෙම නිවේදනයේ දක්වා ඇති සුදුසුකම් සපුරාලන ශ‍්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.


බඳවා ගැනීමේ ක‍්‍රමය - 

නිවේදනයේ දක්වා ඇති සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන් අතුරින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් පවත්වනු ලබන යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරික්ෂණයක ප‍්‍රතිඵල මත ඉහළම ලකුණු ලබා ගන්නා අපේක්ෂකයින් බඳවා ගනු ලැබේ.

එහි දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද (අංක 06 යටතේ සඳහන්) ලකුණු දීමේ පටිපාටියට අනුකූලව යෝග්‍යතා සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලැබේ.


අවශ්‍ය සුදුසුකම් 

  • අධ්‍යාපන සුදුසුකම් 

 අධ්‍යක්ෂ (පාලන)
 විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ  විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධි ප‍්‍රදානය කරන ආයතනයක් වශයෙන් පිළිගෙන ඇති ආයතනයකින් හෝ පිරිනමනු ලබන ව්‍යාපාර පරිපාලනවේදී/ මානව සම්පත් කළමනාකරණය/ කළමනාකරණය / ගිණුම් පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබීම.

 අධ්‍යක්ෂ (පර්යේෂණ)
 විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධි ප‍්‍රදානය කරන ආයතනයක් වශයෙන් පිළිගෙන ඇති ආයතනයකින් හෝ පිරිනමනු ලබන ජාත්‍යන්තර සබඳතා/ සාමය හා ගැටුම් නිරාකරණ අධ්‍යයනය / ආරක්ෂක අධ්‍යයනය / බුද්ධි සේවා අධ්‍යයනය / ත‍්‍රස්තවාදය / සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබීම.

 අධ්‍යක්ෂ (සන්නිවේදන හා ප‍්‍රකාශන)
 විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධි ප‍්‍රදානය කරන ආයතනයක් වශයෙන් පිළිගෙන ඇති ආයතනයකින් හෝ පිරිනමනු ලබන ජාත්‍යන්තර සබඳතා/ සාමය හා ගැටුම් නිරාකරණ අධ්‍යයනය/ ආරක්ෂක අධ්‍යයනය / බුද්ධි සේවා අධ්‍යයනය / ත‍්‍රස්තවාදය / සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබීම.


  •  පළපුරුද්ද -

 අධ්‍යක්ෂ (පාලන)
 පරිපාලන කටයුතු සම්බන්ධව වන ක්ෂේත‍්‍රයකින් ලබාගත් කළමනාකරණ මට්ටමේ අවම වශයෙන් වසර 06 ක පළපුරුද්ද සහිත වීම.

 අධ්‍යක්ෂ (පර්යේෂණ*
 පර්යේෂණ කටයුතු සම්බන්ධව වන ක්ෂේත‍්‍රයකින් ලබාගත් කළමනාකරණ මට්ටමේ අවම වශයෙන් වසර 06
ක පළපුරුද්ද සහිත වීම.

 අධ්‍යක්ෂ (සන්නිවේදන හා ප‍්‍රකාශන*
 සන්නිවේදන හා ප‍්‍රකාශන කටයුතු සම්බන්ධව වන ක්ෂේත‍්‍රයකින් ලබාගත් කළමනාකරණ මට්ටමේ අවම
වශයෙන් වසර 06 ක පළපුරුද්ද සහිත වීම.


  • කායික සුදුසුකම් :

 ශ‍්‍රී ලංකාවේ  ඕනෑම ප‍්‍රදේශයක සේවය කිරීමට හා තනතුරේ රාජකාරී ඉටුකිරීමට ප‍්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතු ය.


  • වෙනත් සුදුසුකම් :

 සෑම ඉල්ලූම්කරුවෙක්ම,

  1.  ශ‍්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතු ය.
  2.  විශිෂ්ට චරිතයෙන් යුක්ත විය යුතු ය.
  3. අයදුම්පත් කැඳවන අවසන් දිනට තනතුරට බඳවා ගැනීම සඳහා වන සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතු ය.


සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි හා සේවා කොන්දේසි :

  • මෙම තනතුර තාවකාලිකය.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීතිවලට ද, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජයේ ආයතන සංග‍්‍රහයට ද, රජයේ මුදල් රෙගුලාසිවලට ද, දෙපාර්තමේන්තුගත අනෙකුත් නියෝගවලටද මෙම පත්වීම යටත්වේ.

වයස් සීමාව :
ඉල්ලූම්පත් භාර ගැනීමේ අවසාන දිනට වයස අවුරුදු 30 ට නොඅඩු විය යුතු අතර, අවුරුදු 50 ට නොවැඩි විය යුතු ය. (රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ.)


වැටුප් පරිමාණය :

මෙම තනතුරට මූලික වැටුප රු. 55,786 + ජීවන වියදම් දීමනාව රු. 7,800 = රු. 63,586/- මාසික දීමනාවක් හිමි ය.
(ඔබට වැටුප් ගෙවනු ලබන්නේ 2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ අංක 03/2016 හි විධිවිධාන අනුකූලව එහි උපලේඛන II හි සඳහන් පරිදි වේ)

යෝග්‍යතා ඇගයීම් සම්මුඛ පරීක්ෂණය සඳහා පහත සඳහන් ලකුණු පරිපාටිය පදනම් කරගනු ලැබේ. 


අපේක්ෂකයින්ගේ අනන්‍යතාවය :


යෝග්‍යතා ඇගයීම් සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන්නේ සෑම ආකාරයකින්ම සම්පූර්ණ අයදුම්පත් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් පමණි. සම්මුඛ පරීක්ෂණයේ දී සියලූ සහතිකවල මුල්පිටපත් හා නිසි පරිදි සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කළ
යුතුය. සම්මුඛ පරික්ෂණයේ දී තමන්ගේ අනන්‍යතාවය සහතික කිරීම සඳහා පහත සඳහන් අනන්‍යතාපත‍්‍ර පිළිගනු ලැබේ.



  •  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත.
  •  වලංගු විදේශ ගමන් බලපත‍්‍රය.

අයදුම්පත් ඉදිරිපත් කිරීම :


  • අයදුම්පත් 2019.01.07 දින හෝ එදිනට ප‍්‍රථම ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය, අංක 15/5, බාලදක්ෂ මාවත, කොළඹ 03 යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු වේ.එදිනට පසුව ලැබෙන අයදුම්පත් ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.
  •  ඉදිරිපත් කළ යුතු අයදුම්පත‍්‍රයේ ආදර්ශ ආකෘතියක් මෙම නිවේදනය අවසානයේ දැක්වේ. අයදුම්කරුවන් ඔවුන්ගේ අයදුම්පත් ්4 ප‍්‍රමාණයේ කඩදාසියක සකස් කර මුල් පිටුව අංක 01 සිට 05 දක්වාත් 02 වන පිටුව අංක 06 සිට 08 දක්වාත් වන ආකාරයෙන් පිළියෙළ කර තමාගේ අත්අකුරින් සම්පූර්ණ කළ යුතුය.
  • අයදුම්පත බහාලන කවරයේ ඉහළ වම් කෙළවරේ ”ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවත්නා ශ‍්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ විධායක සේවා ගණයට අයත් අධ්‍යක්ෂ තනතුර (තාවකාලික* සඳහා අයදුම් කිරීම” යනුවෙන් සඳහන් කළ යුතුය.
  •  අයදුම්පත‍්‍රයේ අපේක්ෂකයාගේ අත්සන රජයේ විදුහලක විදුහල්පතිවරයකු/ සමාදාන විනිශ්චයකාරවරයකු / දිවුරුම් කොමසාරිස්වරයකු/ නීතීඥවරයකු/ ප‍්‍රසිද්ධ නොතාරිස්වරයකු/ ත‍්‍රිවිධ හමුදාවේ අධිකාරිලත් නිලධාරියකු හෝ රු. 47,615/- ක මාසික වැටුපක් ලබන රජයේ ස්ථිර තනතුරක් දරන නිලධාරියකු විසින් සහතික කළ යුතුය.
  • දැනට රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත නිලධාරීන් තම අයදුම්පත් තමන් සේවය කරන දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප‍්‍රධානියා මඟින් ඉදිරිපත් කළ යුතුය.
  •  මේ සමඟ ඇති ආදර්ශ අයදුම් පත‍්‍රයේ ආකෘතියට අනුකූල නොවන අයදුම්පත් ප‍්‍රතික්ෂේප කරනු ලැබේ. අයදුම්පත් නැතිවීම හෝ ප‍්‍රමාද වීම ගැන කිසිදු පැමිණිල්ලක් භාර ගනු නොලැබේ.

සාවද්‍ය තොරතුරු සැපයීම

ඔබ විසින් එවන ලද අයදුම්පත‍්‍රයේ සඳහන් කර ඇත්තාවූ යම් තොරතුරක් අසත්‍ය හෝ වැරදි බව බඳවාගැනීමට පෙර අනාවරණය වුවහොත් ඔබගේ අපේක්ෂකත්වය අවලංගු කරනු ලැබේ. එබඳු අසත්‍ය හෝ වැරදි තොරතුරක් බඳවා ගැනීමෙන් පසුව අනාවරණය වුවහොත් ඊට අදාළ ක‍්‍රියාමාර්ගයන්ට යටත්ව සේවයෙන් පහ කිරීමට කටයුතු කරනු ලැබේ.

පුරප්පාඩු පිරවීම හෝ නොපිරවීමේ අයිතිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු වේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි.

ලේකම්,
2018 නොවැම්බර් මස 21 වැනි දින,
ආරක්ෂක අමාත්‍යාංශය,
15/5, බාලදක්ෂ මාවත,
කොළඹ 03.

----------------------------------------------------
2018-12-07 සිකුරාදා පළකල රජයේ ගැසට් පත්‍රය ඇසුරිනි.
අදහස් හා යෝජනා comments මගින් ලබා දෙන්න.


ඉංග්‍රීසි පරිවර්ථනය - In English

Applications are invited from Sri Lankan citizens who meet the requirements of the announcement to fill 03 vacancies in the Executive Service of the National Security Studies College under the Ministry of Defense.

Method of Recruitment -

Of the applicants who have fulfilled the qualifications of the qualification, candidates will be recruited on the basis of the results of an interview at a selection board by the Public Reconciliation Commission appointed by the Public Service Commission.

The qualification interview will be held in accordance with the marking scheme (mentioned under No. 06) approved by the Public Service Commission.

Required Qualifications

Educational qualifications

 Director (Administration)

 Post Graduate Degree in Business Administration / Human Resource Management / Management / Accounts awarded by an institution recognized by the University Grants Commission recognized by the University Grants Commission or recognized by the University Grants Commission.

  •  Director (Research)

 A university recognized by the University Grants Commission or a University recognized by the University Grants Commission or an institution recognized as an awarding institute or a postgraduate degree in International Relations / Peace and Conflict Resolution Studies / Defense Studies / Intelligence Services / Terrorism / Sociology .

  •  Director (Communication and Publications)

 A university recognized by the University Grants Commission or a University recognized by the University Grants Commission or an institution recognized as an awarding institute or a postgraduate degree in International Relations / Peace and Conflict Resolution Studies / Defense Studies / Intelligence Services / Terrorism / Sociology .



 Experience -

  •  Director (Administration)

 Having at least 6 years of management level management experience in a field related to administration.
  •  Director (Research )

 At least 06 years of managerial level in a field of research Experience.

  •  Director (Communication & Publications )

 Minimum managerial level obtained in a field of communication and publishing 6 years of experience.



Physical fitness:

 Sufficient physical and mental fitness to serve in any part of Sri Lanka and to perform duties in the post.


Other Qualifications:

 Each applicant,
 Should be a citizen of Sri Lanka.
 Should be of outstanding character.
Qualifications required for recruitment to the post on the closing date of the applications should have been completed in every way.


Terms of Service and Terms of Service:

This post is temporary.
This appointment will be subject to the Procedural Rules of the Public Service Commission, Establishments Code of the Democratic Socialist Republic of Sri Lanka, Government's Financial Regulations and other Departmental Decisions.

Age limit:

Not more than 30 years of age should be not less than 50 years on the closing date of applications. (The maximum age limit for State Sector Officers is not applicable.)


Salary Scale:

The basic salary of this post is Rs. 55,786 + Cost of Living allowance of Rs. 7,800 = Rs. 63,586 / - a monthly allowance.

(You will be paid as per the Schedule II of the Public Administration Circular No. 03/2016 dated 25.02.2016 as specified in Schedule II)

No comments