අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය-2019 අධ්‍යයන වර්ෂයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (අභ්‍යන්තර* පූර්ණකාලීන පාඨමාලාව හැදෑරීම සඳහා තෝරා ගැනීම


අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය 

2019 අධ්‍යයන වර්ෂයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (අභ්‍යන්තර* පූර්ණකාලීන පාඨමාලාව හැදෑරීම සඳහා තෝරා ගැනීම

  • 2019 අධ්‍යයන වර්ෂය තුළ දී පැවැත්වෙන එක් අවුරුදු පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (අභ්‍යන්තර) පූර්ණකාලීන පාඨමාලාව හැදෑරීමට තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

  • මෙම පාඨමාලාව කොළඹ, පේරාදෙණිය, රජරට සහ යාපනය යන විශ්වවිද්‍යාලවල පැවැත් වේ.
  • එක් එක් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කරන භාෂා මාධ්‍යයන් පහත දක්වා ඇති අතර පාඨමාලාව සඳහා එක් භාෂා මාධ්‍යයකින් පමණක් අයදුම් කළ හැකි ය.
                         1. කොළඹ විශ්වවිද්‍යාලය - සිංහල සහ දෙමළ මාධ්‍යය
                         2. පේරාදෙණිය විශ්වවිද්‍යාලය - සිංහල මාධ්‍යය
                         3. රජරට විශ්වවිද්‍යාලය - සිංහල මාධ්‍ය
                         4. යාපනය විශ්වවිද්‍යාලය - දෙමළ මාධ්‍යය

  • සෑම අයදුම්කරුවෙකු විසින්ම ඔහු/ඇය පහත සඳහන් සුදුසුකම් ඇත්තෙකු බව තහවුරු කළ යුතු ය.
  1. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියෙකු වීම,
  2. 2018.12.21 දිනට වයස අවුරුදු 50ට නොවැඩි වීම,
  3. මනා කායික හා මානසික සෞඛ්‍යයකින් සහ යහපත් චරිතයකින් යුක්ත වීම,
  4. පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව/උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත වෙනත් ආයතනයකින් උපාධියක් හෝ එ් හා සමාන මට්ටමේලා සැලකෙන වෙනත්සුදුසුකමක් සපුරා තිබීම.
  • පහත දැක්වෙන සේවාවලට අදාළ තනතුරක ස්ථිර පත්වීමක් ලැබ සේවය කිරීම.
  1. ශ‍්‍රී ලංකා පරිවේණාචාර්ය සේවය
  2. ශ‍්‍රී ලංකා පෞද්ගලික පාසල් ගුරු සේවය
  3. ශ‍්‍රී ලංකා ගුරු සේවය
  4. ශ‍්‍රී ලංකා විදුහල්පති සේවය
  5. ශ‍්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය
  6. ශ‍්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය
  • 2018.12.21 වැනි දිනට එකී අංක 04 (ඩ* හි දක්වා ඇති සේවාවකට අයත් තනතුරක උපාධිධාරියකු ලෙස අවුරුද්දක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
සැලකිය යුතු යි :-
    1. ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමා පත්වීම් ලබා ඇති ගුරුවරුන් 2018.12.21 වැනි දිනට තම පත්වීමට අදාළ බැඳුම්කරයේ කාලසීමාව වන අනිවාර්යය පස් අවුරුදු සේවා කාලය සම්පූර්ණ වී තිබේ නම් හා 4 :ඩස* හි සඳහන් සුදුසුකම් සපුරා තිබේ නම් පමණක් අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
    2. අධ්‍යයන නිවාඩු ලබා බැඳුම්කරයකට යටත්ව සිටින අයදුම්කරුවන් 2018.12.21 වැනි දිනට බැඳුම්කරයේ සඳහන් අනිවාර්යය සේවා කාලය අවසන් කළ හෝ එසේ නොමැති නම් ඉන් අවුරුදු පහක්වත් (05) සම්පූර්ණ කර තිබේ නම් පමණක් අයදුම් කිරීමට සුදුසුකම් ලබති.
    3. අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඉල්ලූම් කළ නොහැකි ය.
    තෝරා ගැනීමේ පිළිවෙල :
    1. සෑම අයදුම්කරුවෙකුම ලිඛිත පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වේ.
    2. පාඨමාලාව සඳහා බඳවා ගන්නා සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් අයදුම්කරුවන් ලිඛිත පරීක්‍ෂණයෙන් ලබා ගන්නා ලද ලකුණු අනුපිළිවෙල අනුව සම්මුඛ පරීක්‍ෂණයට කැඳවනු ලැබේ.
    3. ගැසට් නිවේදනයේ අංක 04 (ඪ* හ ි අයදුම්කරු අයත ් වන සෙ ්වාවට/සෙ ්වාවලට අදාළ තනතුරෙහි/තනතුරුවල සේවා කාලය සඳහා සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු පිරිනැමීම සිදු කෙරෙනු ඇත. සේවා කාලයේ එක් අවුරුද්දකට ලකුණු 04 බැගින් පිරිනැමේ. සේවා කාලය සඳහා ලබාදෙන උපරිම ලකුණු ප‍්‍රමාණය 40 කි. අයදුම්කරුවකුගේ සේවා කාලය ගණනය කරන්නේ ඔහු/ඇය 4(v) හි දැක්වෙන සේවාවන් අතුරින් මුලින් ම පත්වීම ලද සේවයේ අදාළතනතුරෙහි වැඩභාර ගත් දින සිට ය
    සැලකිය යුතු යි :-
    1. (V) හි සඳහන් සේවාවක/සේවාවල, තනතුරක/තනතුරුවල අඛණ්ඩ සේවා කාලයක් පැවතිය යුතු ය.
    2. ිඛිත පරීක්‍ෂණයේ ලකුණු හා සේවා කාලය සඳහා ලැබෙන ලකුණුවල එකතුව අවසාන ලකුණසේ සලකා එම ලකුණු අනුපිළිවෙල අනුව පාඨමාලාව සඳහා තෝරා ගැනීම සිදු කෙරෙනු ඇත.
    3. දුබලතා සහිත අයදුම්කරුවන් අයදුම් කළහොත් පාඨමාලාවට තෝරාගනු ලබන සංඛ්‍යාවෙන් 1%ක් ඔවුන් සඳහා වෙන් කරනු ලැබේ.
    4. පාඨමාලාව හැදෑරීම සඳහා තෝරා ගනු ලබන සංඛ්‍යාව එක් එක් විශ්වවිද්‍යාලයේ තිබෙන ඉඩකඩප‍්‍රමාණය අනුව තීරණය වනු ඇත.
     ලිඛිත පරීක්ෂණය :-
    1. විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන තෝරා ගැනීමේ ලිඛිත පරීක්ෂණය සිංහල හා දෙමළ යන භාෂා මාධ්‍ය දෙකෙන් කොළඹ හා යාපනය යන නගරවල දී පැවැත්වේ.
    2. ඉහත සඳහන් මධ්‍යස්ථාන දෙක අතරින් තමා ඉල්ලූම් කළ මධ්‍යස්ථානයේ දී ඉල්ලූම් කළ මාධ්‍යයෙන් ලිඛිත පරීක්ෂණයට පෙනී සිටිය හැකි ය. අයදුම්කරන ලද විභාග මධ්‍යස්ථානය පසුව වෙනස් කරනු නොලැබේ.
    3. විභාග කොමසාරිස් ජනරාල් විසින් විභාගය පැවැත්වීම පිළිබඳව ප‍්‍රකාශ කොට ඇති නීතිරීතිවලටඅනුකූලව විභාග අපේක්ෂකයන් විසින් කටයුතු කළ යුතු ය.
    4. ලිඛිත පරීක්ෂණය ප‍්‍රශ්නපත‍්‍ර දෙකකින් සමන්විත ය.
    • සාමාන්‍ය දැනීම :- කාලීන තොරතුරු, සාමන්‍ය දැනීම, අධ්‍යාපනික තොරතුරු හා ගැටලූ පිළිබඳ ප‍්‍රශ්න පත‍්‍රය (කාලය පැය 01)
    •  අභියෝග්‍යතාවය :- භාෂා හැකියාව, අවබෝධය, තර්කනය හා සංඛ්‍යානමය කුසලතා පිළිබඳ ප‍්‍රශ්න පත‍්‍රය (කාලය පැය 01 යි, මිනිත්තු 30 යි)
    සම්මුඛ පරීක්ෂණය :
    1. සම්මුඛ පරීක්ෂණයේ දී අපේක්ෂකයින් විසින් ගැසට් නිවේදනයේ 04 වැනි ෙඡ්දය අනුව තමන් පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලබා ඇති බව තහවුරු කළ යුතු ය.
    2. අපේක්ෂකයින් විසින් ගැසට් නිවේදනයේ අංක 04 (ඪ* හ ි සෙ ්වාවක/සෙ ්වාවල, අදාළ තනත ුරෙහ ි/තනත ුරුවල සෙ ්වා කාලය තහව ුරු ක ිරීමට න ියමිත ල ිප ිලෙ ්ඛන සම්ම ුඛ පරීක ්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු ය. විශේෂයෙන්ම මුල් පත්වීමට අදාළ තනතුරෙහි වැඩ භාරගත් දිනය සම්මුඛ පරීක්ෂණයේ දී තහවුරු කළ යුතු ය. එය අපේක්ෂකයාට සේවා කාලය සඳහා නියමිත ලකුණ ලබා ගැනීමට උපකාර වනු ඇත.
    3. රජයේ ලියාපදිංචි පිරිවෙන් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලින් පාඨමාලාව සඳහා ඉල්ලූම් කරන ගුරුභවතුන්,
    • පාඨමාලාව සඳහා නිදහස් කරන බවටත්,
    • පාඨමාලාව හදාරන කාලය තුළ වැටුප් ගෙවන බවටත්,
    • පාඨමාලාව අවසානයේ ගුරුභවතා නැවත සේවයට යොදා ගන්නා බවටත්,
    • අදාළ ගුරුභවතාගේ අධ්‍යයන කාලය තුළ ඔහු/ඇයගේ පුරප්පාඩුවට වෙනත් ගුරුවරයෙකු බඳවා නොගන්නා බවටත්,
    • ගුරුභවතාගේ වැඩ කොටස අනුමත ගුරු මණ්ඩලය අතර බෙදා දෙන බවටත්, ආයතනයේ කෘත්‍යාධිකාරි/පාලක මණ්ඩල කළමණාකරු විසින් සහතික කරන ලද ප‍්‍රකාශ පත‍්‍රයක් සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කළ යුතු ය.
    අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ආකාරය :
    1. දී ඇති ආදර්ශ ආකෘති පත‍්‍රය අනුව ්4 ප‍්‍රමාණයේ කඩදාසියේ දෙපස භාවිතා කරමින් අයදුම්පත් පිළියෙල කළ යුතු ය.
    2. දෘශ්‍යාබාධිත/ශ‍්‍රව්‍යාබාධිත/ වෙනත් විශේෂ අවශ්‍යතා ඇති අයදුම්කරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙනඅයදුම්පත්වල වම්පස උඩ කෙළවරේ රතු පාටින් ”දෘෂ්‍යාබාධිත/ශ‍්‍රව්‍යාබාධිත/ වෙනත් විශේෂ අවශ්‍යතාඇති අයදුම්කරුවෙකි” යනුවෙන් සඳහන් කළ යුතු ය.
    3. විභාග ගාස්තු ගෙවීම :විභාග ගාස්තු වශයෙන් රු. 900ක මුදලක් ළඟම ඇති තැපැල් කාර්යාලයට ගෙවා ලබාගත් කුවිතාන්සිය අයදුම්පතෙහි එ් සඳහා ඇති කොටුවෙහි ඇලවිය යුතු ය. 2018.11.23 දින සිට 2018.12.21 දින දක්වා සියලූ ම තැපැල් කාර්යාලයන්හි මෙම කුවිතාන්සිය නිකුත් කිරීම සඳහා විධිවිධාන යොදන ලෙස විභාග දෙපාර්තමේන්තුව විසින් තැපැල්පති වෙත දන්වා යවනු ඇත.
    අයදුම්පත් එවීම :-
    1. අයදුම්පත බහාලන ලියුම් කවරයේ වම්පස උඩ කෙළවරේ ”පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (අභ්‍යන්තර* පූර්ණ කාලීන පාඨමාලාව - 2019” යනුවෙන් සඳහන් කළ යුතු ය.
    2. 2018.12.21 දින හො ් ඊට පෙර ලැබෙන සෙ ් ”විභාග කොමසාරිස ් ජනරාල ්, ශ ‍්‍ර ී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ඇගයීම සහ තක්සේරු සේවාව, පැලවත්ත, බත්තරමුල්ල” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පත් එවිය යුතු වේ.
    3. ඉදිරිපත් කරන අයදුම්පතෙහි පිටපතක් අයදුම්කරුගේ පෞද්ගලික ලිපි ගොනුවට ආයතන ප‍්‍රධානියා මගින් භාරදිය යුතු වේ. එය පාඨමාලාව සඳහා අයදුම්කරු තෝරාගනු ලැබුවහොත් ඔහුට/ඇයට අධ්‍යයන නිවාඩු ලබාගැනීමේ දී උපකාරි වනු ඇත.
    • කාලසටහන් හා ප‍්‍රවේශපත‍්‍ර විභාග අපේක්ෂකයින් වෙත තැපැල් මගින් නිකුත් කරන අතර තම ප‍්‍රවේශ පත‍්‍රය විභාගය පැවැත්වෙන දිනට අවම වශයෙන් දින 07 කට පෙර නොලැබුනහොත් ”විභාග කොමසාරිස් ජනරාල්, ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ඇගයීම් සහ තක්සේරු සේවාව, පැලවත්ත, බත්තරමුල්ල”යන ලිපිනයට පහත සඳහන් තොරතුරු සහිතව දැන්විය යුතු වේ.
    1. විභාගයේ නම ...................
    2. විභාග අපේක්ෂකයාගේ සම්පූර්ණ නම ..............
    3. ලිපිනය ..............
    4. මුදල් ගෙවන ලද තැපැල් කාර්යාලය හා ලදුපත් අංකය .............
    5. ඉල්ලූම්පත තැපැල් කළ දිනය ..............
    6. ඉල්ලූම්පත තැපැල් කළ තැපැල් කාර්යාලය හා ලදුපත් අංකය ...............
    • කිසිදු හේතුවක් නිසාවත් විභාග ගාස්තු ආපසු භාරදීම හෝ වෙනත් විභාගයක් සඳහා මාරු කිරීම කරනු නොලැබේ.
    • අසම්පූර්ණ අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.
    • සෑම අයදුම්කරුවෙකුම ලිඛිත පරීක්ෂණයේ දී තමන්ගේ අනන්‍යතාව, වලංගු හඳුනා ගැනීමේ පත‍්‍රයක් මගින් තහවුරු කළ යුතු ය.
    • අදාළ පාඨමාලාව හැදෑරීමට අයදුම්කරුවකු යම් විශ්වවිද්‍යාලයකට තෝරා ගැනීමෙන් පසු විශ්වවිද්‍යාලය මාරු කිරීමට අවසර දෙනු නොලැබේ.
    • තෝරා ගැනීමෙන් පසුව වුව ද ගැසට් නිවේදනයට අනුව අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බව පෙනී යන්නේ නම් එවැනි අපේක්ෂකයකුගේ තෝරා ගැනීම අවලංගු කිරීමට සිදු වේ.
    අධ්‍යයන නිවාඩු :

    තෝරාගනු ලැබූ අයදුම්කරුවන්ට පාඨමාලාව හැදෑරීම සඳහා සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා දෙනු ලැබේ. ශ‍්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්, ශ‍්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින් සහ ජාතික පාසල්, පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සේවයේ නියුක්ත විදුහල්පති ශ්‍රේණිධාරීන් සහ ගුරුවරුන් අධ්‍යයන නිවාඩු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙතින් ද සෙසු අයදුම්කරුවන් අධ්‍යයන නිවාඩු අදාළ පළාතේ අධ්‍යයන ලේකම් වෙතින් ද අනුමත කර ගත යුතු වේ.

    බැඳුම්කරය :

     පාඨමාලාවට තෝරාගනු ලැබූ අයදුම්කරුවන් විසින් පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග‍්‍රහයේ නීති රීති අනුව නියමිත කාල පරිච්ෙඡ්දයක් ඔහු/ඇය දෙපාර්තමේන්තුවේ සේවය කරන බවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ලේකම්/පළාත් අධ්‍යාපන ලේකම් සමග ඇප බැඳුම්කරයකට අත්සන් කළ යුතු වේ.

    • තෝරානු ලැබූ අයදුම්කරුවකු පාලනය කර ගත හැකි හේතූන් මත පාඨමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ නොකර නියමිත කාලසීමාව ඇතුළත දී ඩිප්ලෝමා සහතිකය ලබා ගැනීමට අපොහොසත් වූයේ නම්, එම අධ්‍යයන නිවාඩු කාලය තුළ ඔහුට/ඇයට ගෙවන ලද සම්පූර්ණ වැටුප් හා දීමනා ආපසු ගෙවිය යුතු වේ.
    • පාඨමාලාව හදාරන කාලය තුළ දී ශිෂ්‍යයින්ගේ වැඩ, හැසිරීම හා පැමිණීම අසතුටුදායක බව පෙනී ගියහොත්ඔ වුන් පාඨමාලාවෙන් ඉවත් කරනු ලැබේ.
    • මෙම ගැසට් නිවේදනයෙහි සිංහල හා දෙමළ හෝ ඉංග‍්‍රීසි භාෂා පාඨ අතර යම් අනනුකූලතාවයක් ඇති වුවහොත්සිංහල භාෂා පාඨය බල පැවැත්වෙනු ඇත.
    පද්මසිරි ජයමාන්න,
    ලේකම්,
    අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.

    2018 නොවැම්බර් මස 12 වැනි දින,
    අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය,
    ඉසුරුපාය,
    බත්තරමුල්ල.



    Source: Government Gazette (2018.11.23)

    ---- In English - --
    Ministry of Education and Higher Education

    Selection for the Postgraduate Diploma in Education in the Year 2019


    Applications are called for students to follow a one-year postgraduate education diploma (in-house) full-time course in the academic year 2019.

    The course will be held in Colombo, Peradeniya, Rajarata and Jaffna Universities.
    Each University's teaching mediums are listed below and can be applied only in one language medium for the course.
                             1. University of Colombo - Sinhala and Tamil medium

                             2. University of Peradeniya - Sinhala Medium

                             3. Rajarata University - Sinhala Media

                             4. The University of Jaffna - Tamil medium

    Each applicant must ensure that he/she has the following qualifications:
    Being a citizen of the Democratic Socialist Republic of Sri Lanka,
    As at the age of 50 years as at the date of 2018,
    Good physical and mental health and good character,
    Should have completed a degree recognized by a recognized university or by the University Grants Commission / Higher Education approved by the Ministry of Higher Education or at the same level as other qualifications.
    Working on a permanent appointment to a post belonging to the following:
    SriLanka Contraction Service
    Sri Lanka Private Schools Teachers Service
    Sri Lanka Teachers' Service
    Sri Lanka Principal Service
    Sri Lanka Teacher Educators Service
    Sri Lanka Education Administrative Service
    (Ii) Should have completed one year as a Degree in a post in a Post of a Post No. 04 (d) * as at 21.08.1988.
    Note: -

    If the compulsory five year period of service completed and the qualifications mentioned in 4: Des Arts * are fulfilled, the duration of the bond of appointment to the National Apprentice Diploma is as follows;
    Candidates subject to a study leave scheme are eligible to apply only if they complete the specified service period specified in the bonds on or after the completion of the compulsory period of the bonds on or after the completion of five (05) years.
    Graduates can not apply for this course.
    The order of selection:

    Every applicant must sit for a written test.
    Candidates will be called for the interview according to the order obtained from the written test three times the number of recruiters.
    The gazette notification No. 04 (V) will be awarded to the applicant at the interview for interviews/services in the interview period. 40. The service period calculated by an individual is calculated by the way in which he/she is 4 (v) acting on the basis of the service received from the first appointment; S from the
    Note: -

    (V) in a post/service shall remain in the post in the post/posts.
    The grade for the test results and the period for the period of service will be selected according to the final score.
    If the applicants with disabilities are applied, 1% of the number selected for the course will be allocated for them.
    The number chosen to follow a course will be determined by the degree of each university.
     Written Examination:

    The written selection examination conducted by the Commissioner General of Examinations will be held in Colombo and Jaffna, both Sinhala and Tamil.
    From the two above mentioned centers, I can sit the written examination in the requested application at the place of application. The Examination Center will not be changed subsequently.
    The Commissioner General of Examinations should work in accordance with the rules stated in the Examinations Department.
    Written Examination consists of two questions.
    General Knowledge: - Timeline, General Knowledge, Educational Information, and Question Paper (Duration 1 Hour)
     Doubice: - Question Paper on language skills, understanding, logic and statistical skills (Duration: 1 hour, 30 minutes)
    Interview:

    At the interview, the candidates must be qualified to follow their course in accordance with Section 04 of the gazette notification.
    Candidates should submit the gazette notification No. 04 (d) / dated to the gazette notification of the respective officers / officers and the date of their respective posts / posts and to submit them to the Election Board, in particular the first appointment The date of assignments of the post should be confirmed during the interview, which will help the candidate obtain the appropriate mark for the period of service.
    The teachers who applied for the course from government registered Pirivena and Government approved private schools,
    Will be released for the course,
    Salaries are paid during the course of the course,
    At the end of the course, teachers will be recruited,
    That he/she will not recruit another teacher in his / her vacancy during the respective teacher's time,
    The work of the teacher is distributed among the approved cadre. A certified statement made by the Executive / Managerial Board of the Institute should be forwarded at the interview.
    Interview:

    At the interview, the candidates must be qualified to follow their course in accordance with Section 04 of the gazette notification.
    Candidates should submit the gazette notification No. 04 (d) / dated to the gazette notification of the respective officers / officers and the date of their respective posts / posts and to submit them to the Election Board, in particular the first appointment The date of assignments of the post should be confirmed during the interview, which will help the candidate obtain the appropriate mark for the period of service.
    The teachers who applied for the course from government registered Pirivena and Government approved private schools,
    Will be released for the course,
    Salaries are paid during the course of the course,
    At the end of the course, teachers will be recruited,
    That he/she will not recruit another teacher in his / her vacancy during the respective teacher's time,
    A certified statement issued by the Executive Committee / Managing Director of the Institute should be forwarded at the interview at the interview.
    Method of submitting an application:

    The application should be prepared using both sides of A4 paper as per the given specimen.
    Visually impaired / Sick / Other applications should be mentioned in the red on the top corner of the application "for visually impaired /chronic/other special needs".
    Payment of Examination Fees: Rs. The receipt paid for the nearest post office in the nearest postal office should be attached in the box in the application form. The Department of Examinations will send the Postmasters to make the receipt in all the post offices from 2018.11.23 to 21st of August 2018.
    Sending Applications: -

    The above top corner of the envelope should bear in mind the title "Post Diploma in Educational Diploma (Internal * Full Time Course - 2019)".
    Applications should be sent by Registered post to the Examination Commissioner General, Department of Examinations, Assessment and Assessment Service, Pelawatta, Battaramulla on or before 2018.
    A copy of the application should be submitted to the applicant's personnel file by the Head of the Institution. If the applicant is selected for the course, he/she will be able to receive study leave.
    Time schedules and ticket examination will be issued to the candidates by post and should be sent to the Commissioner General of Examinations, Department of Examinations, Evaluation and Valuation Service, Pelawatta, Battaramulla by the following details if their ticket is not received till 07 days prior to the examination. Should be.
    Name of Examination ...................
    Full Name of the Candidate ..............
    Address ..............
    The paid post office and the receipt number .............
    Date of dispatch of the application ..............
    Post office post office and receipt number ...............
    No refund of examination fees or any other examination will be made for any reason.
    Incomplete applications will be rejected without notice.
    Every applicant must confirm his identity in a written test by valid identification.
    Once an applicant is selected for a particular university, he/she will not be permitted to transfer the university after studying the course.
    Even after the selection, it appears that the selection of such a candidate would have to be canceled if the required qualifications are not fulfilled according to the gazette notification.
    Study leave:

    The selected candidates will be paid full pay study leave to follow the course. Officers of the Sri Lanka Education Administrative Service, Officers of the Sri Lanka Teacher Educators' Service and the Principal Graders and Teachers in National Schools, Private Schools and Pirivenas from Study Leave Academics from the Ministry of Education and Higher Education, and other applicants Academic leave approved by the respective Secretary to the Academic Secretary. Should be.

    Bond:

     Once the successful completion of the course, applicants selected for the course have to sign a security bond with Secretary of Education and Higher Education / Provincial Education Secretary that he/she is working in the department in accordance with the rules of the Establishment Code of the Democratic Socialist Republic of Sri Lanka.

    If the selected candidate fails to obtain the diploma certificate within the prescribed period without completing the course successfully, for the controlled reasons, the full salary and allowances paid to him during the study leave should be refunded.
    During the course of the course, students' work, behavior and arriving will be removed if they appear to be unsatisfactory.
    The language slogan will apply if there is some inconsistency between the Sinhala and Tamil or English texts of this gazette.
    Padmasiri Jayamanna,

    Secretary,
    Ministry of Education and Higher Education.
    November 12, 2018,
    Ministry of Education and Higher Education,
    Isurupaya,

    Battaramulla.

            No comments